Google search engine
Home ගොසිප් පුවත් බිරියට පයින් පහරදී ඝාතනය කළ කසකස්තාන ඇමති සිරගෙට

බිරියට පයින් පහරදී ඝාතනය කළ කසකස්තාන ඇමති සිරගෙට

0
13

Kazakhstan-minister-who-kicked-his-wife-to-death-goes-to-jail

කසකස්තානයේ හිටපු ඇමතිවරයකු තම බිරිඳට පයින් පහර දී ඝාතනය කරන ලද සිදුවීමක් නිසා විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ.
ඇයව කොණ්ඩයෙන් ඇදගෙනගොස් පහරදීමෙන් නාසයේ අස්ථි බිඳී පැය 12 කට පසු මියයන අතර මේ සිදුවීමේ සාක්ෂි සීසීටීවී වීඩියෝවකින්ද තහවුරු කරගෙන තිබේ.
අධිකරණයේ පැවැති නඩු විභාගයේදී සී.සී.ටී.වී. දත්ත හෙළිදරව් කළ පොලිසිය ඇමතිවරයාගේ අමානුෂික ක්‍රියාව හෙලිකර තිබේ.

කසකස්තානයේ හිටපු ආර්ථික අමාත්‍ය සහ ව්‍යාපාරිකයකු බව කියන ක්වාන්ඩික් බිෂිම්බයෙව් මේ ආකාරයට ඔහුගේ විවාහක බිරිය මරාදමන්නේය.
අල් ජසීරා වාර්තාවට අනුව, මෙම සිදුවීම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිදු වූ අතර, 31 හැවිරිදි සුල්තානාත් නුකෙනෝවා බිරියගේ සිරුර අල්මාටි නගරයේ අවන්හලක තිබී සොයා ගන්නා ලදී.

මෙම නඩුව පසුගියදා කසකස්තානයේ අධිකරණයකදී විභාග විය.  44 හැවිරිදි ක්වාන්ඩික් බිෂිම්බයෙව් ඔහුගේ බිරිඳ සමඟ අවන්හලට ඇතුළු වන අයුරු හා  ඝාතනය සිදුකරන අයුරු දැක්වෙන  සිදුවීම් පැය ගණනාවක් පුරා සීසීටීවී වීඩියෝ පරීක්ෂා කිරීමෙන් පසු ඝාතනය හෙළිවිය. පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව කම්පනයෙන් කාන්තාව මියගොස් ඇත.
නඩු විභාගය අතරතුර, පැමිණිලිකරු පැවසුවේ, කාන්තාව තම සැමියාගෙන් බේරීමට වැසිකිළියේ සැඟවීමට උත්සාහ කළ නමුත් විත්තිකරු දොර කඩා ඇයව එතැනින් ද ඇදගෙන ගිය බවයි.
දිගින් දිගටම පහර දීම නිසා කාන්තාව සිහිසුන් වන අතර ඇගේ මළ සිරුර අවන්හලේ කාමරයක ලේවලින් තෙත් වී තිබියදී හමුවී තිබුණි. එවිට ඇමතිවරයා දෛවඥයෙකුට කතා කර තම බිරිඳට අසනීප වන බව පවසආ තිබෙන අතර පොලිසිය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය එහි පැමිණෙන්නේ සිද්ධියෙන් පැය 12කට පසුවය. ඔවුන් කාන්තාව මිය ගිය බව එම අවස්ථාවේ පරීක්ෂා කර ප්‍රකාශ කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාන්තාවට නැවත නැවතත් පහර දීම නිසා ඇගේ නාසයේ අස්ථි බිඳී ගොස් තිබේ. මුහුණේ, හිසේ සහ අත්වල තුවාල රැසක් තිබුණි.
වධහිංසා පැමිණවීම, ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරීම යන අපරාධ සම්බන්ධයෙන් අධිකරණය විසින් බිෂිම්බයෙව්ට වසර 20ක සිර දඬුවමක් නියම කර ඇත.
නඩු විභාගයේදී වැරදිකරු තම අපරාධය පිළිගත්තේය. කෙසේ වෙතත්, ඔහු ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. මාධ්‍ය වාර්තා වලට අනුව, බිෂිම්බයෙව් කසකස්තානයේ ධනවත් පවුලකට අයත් වේ. ඔහු එරට හිටපු ජනාධිපති නර්සුල්තාන් නසර්බයෙව්ගේ සමීපතමයෙකු ලෙස සැලකේ. මින් ඉහත 2017 දී ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් බිෂිම්බයෙව්ට වසර 10 ක සිර දඬුවමක්ද නියමවී වසර 3 කට පසු ජනපතිගේ සමීප සබඳතා පාවිච්චි කර නිදහස් වී තිබුණ අයෙකි.
සිදුවීමට සම්බන්ධිත වීඩියෝව පහතින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here