රොෂාන් යළි කරලියට – වස දුන්න කතාවක් කියයි  

0
13

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අම්පාරේ දී පැවසීය.

නිරෝගී පුද්ගලයකු ලෙස ලංකාවෙන් පිටත්වූ තමන්, ජපානයට යනවිට රෝගියකු වූ බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රසායනිකයක් ශරීර ගතවී ඇති බව යයි ද පැවසූ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා, දූෂණ හා වංචා හෙළිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇතිබව ද, සදහන් කලේය.

ඉදිරියේ දී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව පැවසූ මන්ත්‍රීවරයා, තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන්කිරීම බව ද, ප්‍රකාශ කලේය.

රොෂාන් රණසිංහ ඉදිරි ජනාධිපතිවරනයේදී අපේක්ෂකයකු ලෙස තරග කිරීමට යයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here