ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ කට වරද්දාගැනීම් – 2 කොටස – Saru News Media

0
8

 

මේ ලිපි පෙළ නම් කවදාවත් ලියලා ඉවර කරන්න පුළුවන් ලිපිපෙ​ළක් වෙයිද කියන එක අපිට නම් ප්රශ්නයක්. මොකද තරම් අපේ රටේ ප්රසිද්ධ චරිත කට වරද්දගෙන නාගෙන තියෙනවා .එහෙමනම්  වැඩි විස්තර කතා කරන්නැතුව අපි මේ කටවරද්දා ගැනීම් ගැන හොයල බලමු. අමතක කරන්න එපා අපිට තියෙන්නෙ එ​ක කටයි. කට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.

 

 

මේ සිදුවීම නම් කට වරද්දාගැනීමක් නෙමෙයි කියලා අපිට වගකීමකින් යුතුව ප්රකාශ කරන්න පුළුවන්. හැබැයි අපි එතුමියගේ මේ සිදුවීම මේ ලිපියට ඇතු​ළත් කරන්න හිතුවේ ඔබටත් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතලා. මීට වසර දෙකකට විතර කලින් කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කරද්දි කරද්දී ඇය විසින්එක් බිලියන” වශයෙන් කරපු සඳහන් කිරීම සමාජ මාධ් වල දැඩි ලෙස හාස්යයට ලක්වුණා ඔබට මතක ඇති. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට අද වන විට සංඛ්යා කියවී​මේ සම්මත ක්රමය වන්නේ එයයි. මෙය  පාසල් පෙළ පොත් වලටත් ඇතුළත් වෙලා තියෙනවා. නිසා ඔබත් ඇයව  හාස්යයට ලක් කළ කෙනෙක් නම් මේ පිළිබඳව හොයා බලන්න කියන එක අපි ඉල්ලා සිටිනවා.

 

පාස්කු  ප්රහාරය සිදු වූ අවධියේදී ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු ක​රපු හේමසිරි ප්රනාන්දු මුළු රටේම අප්රසාදයට පත් වෙන්න ඔහුට සිදුවුණු මේ කට වරද්දගැනී​ම හේතු වුණා. මාධ්යවේදියෙක් සිදු කරපු විමසීමකදී ඔහු සඳහන් කළේගහනවා කියලා දැනං හිටියා… හැබැයි මේ විදිහට ගහයි කියලා හිතුවේ නෑකියලායි. මේ ප්‍රකාශය දෙස් විදෙස් මාධ් වල දැඩි කතා බහට ලක් වුණු අතර වගකිවයුතු රාජ්  නිලධාරියෙකු ලෙස මෙවැනි ප්රකාශ කිරීමක් පිළිබඳව ඔහුට දැඩි ලෙස විවේචන එල්ල වුණා .

 

මෑත කාලයේ සිට ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට තමන්ව පත් කර ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටින මිලින්ද රාජපක්ෂ, පසුගිය දවසක විශාල ක​ට වරද්දාගැනීමක් සිදු කර ගත්තා. ඔහු එක්තරා ප්රසිද්ධ මාධ් වැඩසටහනකට සහභාගී වෙමින් සිංගප්පූරුවේ වැසියන්ට කිරි පවා නොමැති තත්ත්වයක් ඇතිවී තිබෙන බව​ට ප්රකාශ කිරීම නිසයි. මීට සිං​ගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකිකයින් හාස්යජනක ලෙස ප්රතිචාර ලබා දී තිබුණා. ඔවුන් විසින් ඇතැම් අවස්ථාවල තමන් ආහාරයට ගන්නා දේ පිළිබ​ඳව වීඩියෝ පවා සමාජ මාධ් ජාලා වලට එකතු කරලා තිබුණා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here