ලංකාවේ රොබෝ කලාවට නව සලකු​ණක් වූ දියසෙන් – Saru News Media

0
16

රොබෝවරු කියන්නේ චිත්‍රපට සහ තාක්ෂණික දේ ගැන කියවෙන ටෙලිනාටක වල නිතරම කියවෙන දෙයක්. එත් ඇත්ත ජීවිතේ රොබෝ පාවිච්චිය හිතන තරම් ඉක්මනින් ආවේ නැහැ. රොබෝ තාක්ෂණ​ය යොදාගෙන විවිධ වැඩ රාජකාරි කරගත්තත්, මිනිස්සුන්ගේ හැඩේට තියෙන මානවරූපී රොබෝලා එතරම්ම ජනතාව අතරට ගියේ නැහැ. යුරෝපය පුරා පැතිරුණු කෝවිඩ් වසංගතය නිසා ඒ රටවල සෞඛ්‍ය අංශ දැඩි තර්ජනයට මුහු​ණ දුන්නා. ඒ වගේම රෝගීන් වැඩි වීම නිසා සෞඛ්‍ය නි​ලධාරීන්, සේවකයින්, වෛද්‍යවරුන් හෙදියන් ආදීන් දැඩි ලෙස වෙහෙසට පත් වුණා. කොරෝනා රෝගීන්ට එකම ආකාරයේ ප්‍රතිකාර කිහිපයක් පමණක් තිබු​ණත් ඒ වැඩේට රොබෝලා දායක කරගන්න ඒ රටවලට බැරි වුණා. යම් යම් තාක්ෂණික උදව් තිබු​ණත් මානවරූපී රොබෝ සැදීම සහ ඒවායෙන් වැඩ ගැනීම කියන්නේ තාමත් තරමක් ඈතින් තියෙන දෙයක්. 

 

රොබෝ තාක්ෂණය ගනිද්දි අද වාහන නිෂ්පාදනාගාරයක් ගතහොත් එහි ඇණ තද කරන්නේ, යකඩ කපන්නේ, නවන්නේ මනුස්ස අත් නෙමෙයි. ඒවාට රොබෝ තාක්ෂ​ණයෙන් නොයෙකුත් ස්වයංක්‍රීය යන්ත්‍ර සකසා තියෙනවා. ඒවා අයිති වෙන්නෙත් රොබොටික් සහ ඔටෝමේෂන් තාක්ෂ​ණයටම තමයි. මෙයින් මිනිසුන් හැඩයට රොබෝ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සිනමාවේ. මොකද මිනිස්සු ගොඩක් ආසයි තමුන්ට සමාන රොබෝලාගේ වැඩ බලන්න. ඉතින් මානවරූපී, එහෙම නැතිනම් මිනිස්සු හැඩයේ රොබෝවරු බිහිකිරීම සැලකිය යුතු ඉතිහාසයක් තියෙන වැඩක්. මේ හරහා මිනිසුන් නිතර සේවා ලබාගන්නා පාරි​භෝගික මධ්‍යස්ථා​නවල වගේම නිවෙස් ආශ්‍රිතවත් වැඩ රාජකාරි කරගන්නට පුළුවන්.

 

කංචායුධ සහ නීරෝ ගේම් දෙක ටෙක් පැත්තේ අයට නම් මතක ඇති. ලංකාවේ නිමකරපු මේ ගේම් දෙක නිර්මාණය කළේ ඇරිමැක් සමාගම. ඒ වගේම ලංකාවේ අයි ටී ක්ෂේත්‍ර​යේ සමාගම් ​වලට අවශ්‍ය තාක්ෂණික විසඳුම් ලබාදෙන මූලික සමාගමක් විදිහට ඇරිමැක් සමාගම දායක වෙලා තියෙනවා. ඩයලොග් සමාගම සමග එකතු වෙලා එහි දියුණු කිරීම් සඳහා ඇප් ආදිය සැකසුවා වගේම තාක්ෂණික ව්‍යාපෘති ආදියටත් ඇරිමැක් සමාගම දායක වුණා. මේ ඇරිමැක් සමාගම හැමතිස්සේම අලුත් දේවල් සොයා යන සමාගමක්. ඔවුන් වසර දෙක තුනක් තිස්සේ මේ දියසෙන් රොබෝ ගැන පර්යේ​ෂණ කටයුතු කරනවා. 

 

මේ දියසෙන් හදන්න චීනය සිංගප්පූරුව හා සම්බන්ධ සන්බොට් රොබෝට් සමාගමත් එක්ක ඇරිමැක් සමාගම සම්බන්ධ වුණා. දැනටත් ලංකාවට සහ මාලදිවයිනට සන්බොට් සමාගමේ රොබෝ නිමැවුම් සඳහා නියෝජිත විදිහට ඉන්නේ ඇරිමැක් සමාගම. මේ සමාගමේ රොබෝලා ආශ්‍රයෙන් නව රොබෝවක් තනන්නට මීට වසර කිහිපයක සිට ඇරිමැක් සමාගම උත්සාහ කළා. එහිදී ඔවුන් වසර ග​ණනාවක් කණ්ඩායම් හැඟීමෙන් කළ කැපවීමේ ප්‍රති​ඵලය විදිහට මේ දියසෙන් උපත ලබා තියෙනවා කියලා තමයි දියසෙන් හදන ඇරිමැක් සමාගමේ ප්‍රධාන විධායක චමීර ජයසිංහ කියන්නේ. 

 

දියසෙන් රොබෝ සාමාන්‍ය චීන ජපන් රොබෝලට වඩා තරමක් උසයි. අඩි හතර හමාරක් විතර උස දියසෙන්ට කකුල් නැහැ. රෝද හරහා තමයි ඔහු තැනින් තැනට යන්නේ. දේශීය බව ඔප්නැංවිලා පේන්න ගිනි දැල් වගේ වෙස් මුහු​ණක තිබෙන පරිදි විශාල කන් දෙකක් වැනි කොටසක් දියසෙන්ට සවිකරලා තියෙනවා. දියසෙන් රොබෝගේ මේ ස්වභාවය නිසා ඔහුව ලේසියෙන් කෙනෙක්ට දැකගන්න පුළුවන්. විශාල අංතට්ටුව වැනි ලංකාවේ නිමැවුම්කරුවන් සවිකරන ලද කොටස නිසා දියසෙන් අනෙක් අයගෙන් වෙන්කො​ට අඳුනාගන්නටත් පහසුයි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here