තාක්ෂණය නිසා ලේසි වෙන්නේ නැති හොරමැරකම් – Saru News Media

0
15

හොරකම් කරනවා කියන එකේ කොටස් දෙකයි. එකක් තමයි දේශපාලකයින් නිළධාරීන් කරන මෘදු තාලේ වංචා දූෂණ ආදී සොරකම්. අනෙක තමයි ගෙවල් බිඳීම්, බැංකු මංකොල්ල වගේ සොරකම්. පළවෙනි කාණ්ඩේ දූෂණ වංචා, හොරකම් නම් එළි වෙලා වැරදිකරුවන් නීතියට යනවා සෑහෙන අඩුයි. ඒත් දෙවැනි කාණ්ඩේ පිසිකල් හෙවත් භෞතිකව කරන සොරකම් නම් අද පවතින තාක්ෂණය ආධාරයෙන් අපේ පොලිස් කණ්ඩායම් විසින් සාර්ථකව සොයාගනු ලබනවා. ඉතින් ඒ විදිහට සොර මැරකම් අඳුනගන්න පාවිච්චි වෙන තාක්ෂණ මොනවද කියලා ටිකක් අපි බලමු. 

 

 

ෆේස්බුක් එකේ අපි පොටෝ එකක් දැම්මහම දැන් අපේ යාලුවෝ විතරක් නෙමෙයි, බල්ලා පූසා පවා හොඳින් අඳුනාගෙන ඒ අයව ටැග් කරනවා. ඔය තාක්ෂණයම අපරාධකරුවන් හඳුනාගන්නට වැදගත් වෙනවා. අපරාධකාරයෙක් ලොකු මංකොල්ලයක් හෙම කරද්දි මූණ වහගන්නවා, විවිධ කවර් යොදාගන්නවා. ඒත් ඇස් දෙක හෝ පේන්න තියෙනවා නම් ඒ හරහා ඒ කවුද කියලා හොයාගන්න තරම් අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. මේ තාක්ෂණය හරහා අපරාධ විද්‍යාවේදී අපරාධයට සැක පිට ඉන්න උදවිය ඇත්තටම ඒ දේට සම්බන්ධද කියලාත් සන්සන්දනය කරලා හොයාගන්න හැකියි. 

 

සී සී ටීවි කියන්නේ මේ කාලේ ආරක්ෂාවට පුදුම විදිහට උපකාර වෙන දෙයක්. හොරා මොන විදිහට කවර් වෙලා හිටියත් සී සී ටී වී හැම තැනම තියෙන නිසා ඒ අදාළ කාල වල ඒ ඒ තැන්වල සී සී ටී වී චෙක් කිරීමෙන් හොරු අල්ලාගන්න හෝඩුවාවක් ගන්නට පුළුවන්. සුපර්මාකට් සොරකම්, බැංකු මංකොල්ල ආදියේදී ඒ සොරුන් පාවිච්චි කරන ටෙක්නික්ස් සහ සොරුන්ගේ ඉරියව් අඳුනගන්න සී සී ටීවි හරහා පුළුවන් වෙලා තියෙනවා. සී සී ටී වී මගින් අපේ පුද්ගලිකත්වය අනවශ්‍ය ලෙස එළි වෙනවා කියලා චෝදනාවක් තිබුණත් ලොව පුරා හොරකම් වල සොරුන් සොයාගන්න සී සී ටී වී වැදගත් වෙලා තියෙනවා. 

 

සොරෙක් තමුන්ගේ වාහනයෙන් සොරකමේ එන්නේ කලාතුරකින්. පැහැරගත් වාහනයක් හෝ වෙනත් වාහනයක් වුණත් වාහනය තුළ ජී පී එස් ට්‍රැකර් තියෙනවා නම් වාහනේ ආගිය තැන් ආදිය හොඳින් බලාගන්න පුළුවන්. දැන් හැමෝ අතේම ස්මාට් නැතත් කුමක් හෝ ෆෝන් එකක් තියෙනවා. අලුතින්ම ගත් සිම්පතක් හරහා ගනුදෙනු කළත් ඒ සිම්පත කැරකුණ ඒරියා ටික හොයාගන්න ට්‍රැකින් හරහා පුළුවන්කම තියෙනවා. සොරුන් වැඩිපුර ගැවසෙන ඒරියා සොයාගන්නත්, එකම සොරා වැඩිපුර යන එන දිහාවන් සොයාගන්නත් මේ ජී පී එස් සේවාවන් වැදගත් වෙලා තියෙනවා. 

 

අද අපරාධයක් වුන ගමන් සෝෂල් මීඩියා හරහා එය ප්‍රචලිත වෙනවා. සාමාන්‍ය අපරාධ විශේෂඥයින් වගේම ලොකු පිරිසක් ඒ සිද්ධිය විශ්ලේෂණය කරන්න හවුල් වෙනවා. ඒ වගේම ඒ අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප විස්තර තියේ නම් ඒ දේවලුත් සෝෂල් මීඩියා හරහා ෂෙයාර් වෙනවා. යම් අපරාධකරුවෙකුගේ නම්, ඔහුගේ නිතර යන එන, කන බොන තැන් වගේම ඔහු වැඩිපුර ආසා කරන දේවල් බලාගන්නත් ඔහුගේ සෝෂල් මීඩියා එකෙන් පුළුවන්. සෝෂල් මීඩියා වලින් අපේ වගේම සොරුන්ගේත් යාලුවන්, ඥාතීන් පහසුවෙන් සොයාගන්නට පොලිසියට සහ විමර්ෂණ කණ්ඩායම් වලට පුළුවන්කම ලැබෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here