Windows 10 වල ෆීචර්ස් ගැන දැනගනිමු – Saru News Media

0
15

විවිධ නම් වලින් විවිධ අන්දමේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධති තියෙනවා. ලිනක්ස් නාමය යටතේ බොහෝ බොහෝ මෙහෙයුම් පද්ධති තිබුනත්, ඇපල් අයගේ අයිඕඑස් තිබුනත් ලෝකේ වැඩිපුරම ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිය වෙන්නේ වින්ඩෝස් 10. වින්ඩෝස් 10 දැන් වසර ගණනාවක් තිස්සේ නොනැසී ප්‍රබල මෙහෙයුම් පද්ධතියක් විදිහට වැඩ කරනවා. වින්ඩෝස් 10 වලට විශේෂයෙන් ආපු දේවල් මොනවාද කියලා අපි ටිකක් විස්තර බලමු.

 

වින්ඩෝස් 8 වල ආවේ කෙලින්ම ටයිල් තියෙන මෙනු එකක්. වින්ඩෝස් 10 වලදි පැරණි XP තාලේ ඊට වඩා ශක්තිමත් ස්ටාට් මෙනු එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා අපි අවසානයට වැඩ කරපු ඇප්ලිකේෂන් එක ඉක්මන්ටම සොයාල දෙනවා. ඒ වගේම සයිඩ් එකෙන් ඕපන් වෙන ටයිල් වලින් අපි කැමති ඇප්ලිකේෂන් එක වඩාත් ඉක්මනටම තෝරාගන්නටත් පුළුවන්කම වින්ඩෝස් 10 වලදි තියෙනවා.

 

ටිකක් යල්පැන ගිය ස්ලෝ යමක් හඳුන්වන්න ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කියන යෙදුම පාවිච්චි කරන්න තරම් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් මිනිස්සුන්ගෙන් ඈත් වුනා. ඒ නිසාම වින්ඩෝස් 10 වල බ්‍රවුසර් එක විදිහට අලුත්ම එජ් බ්‍රව්සර් එක ආවා. එජ් වඩාත් වේගවත්. ඒ වගේම එජ් මොඩර්න් වෙබ් එකෙන් අපි කරන වැඩ කිඩ ආදියට හොඳට සපෝට් කරනවා. මේ එජ් ආවට යූසර්ට උවමනා නම් ලේසියෙන්ම ගූගල් ක්‍රෝම් හෝ මොසිල්ලා ෆයර්ෆොක්ස් මැෂිමට දාගෙන ඒ හරහා වැඩකරන්නත් පුළුවන්.

 

ඇපල් වගේම ගූග්ල් අයත් වොයිස් කමාන්ඩ් දියුණු කළා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් දැන් ගූග්ල් ගෙන් කෙලින්ම ප්‍රශ්න අහලා අපිට විසඳුම් ගන්න පුළුවන්. ඒ වගේ ඩෙස්ක්ටොප් කම්පියුටර්, ලැප්ටොප් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් කෝටානා කියන විශේෂාංගය ආවා. ඒ හරහා අපිට පරිගණකයේ තියෙන වගේම අන්තර්ජාලයේ තියෙන දෙයක් ගැන වුනත් අපේ වොයිස් එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඊට කලින් තිබුණු වර්ෂන් වලට වඩා වොයිස් කමාන්ඩ් වලින් වැඩ කරන පහසුකම වින්ඩෝස් 10 වලදි වැඩිදියුණු කරලා තියෙනවා.

 

අපිට එකපාර වැඩ ගොඩක් කරන්න පටන් ගත්තට ඒ හැම එකක්ම ඉවර කරන්න ලැබෙන්නෙ නැහැ නේ. ඇතැම් වෙලාවට අපිට වින්ඩෝස් ගොඩක් ඕපන් කරගෙන වැඩ කරන්න වෙනවා. පොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින් වගේ එඩිටින් වැඩ වලදි වගේම ඩිසයින් වලදි මේ විදිහේ මල්ටිපල් වින්ඩෝස් ඇක්ටිව් කරගන්නට අපට උවමනා වෙනවා. ඒකට පහසු වෙන විදිහට ඩෙස්ක්ටොප් දෙකක මල්ටිපල් වින්ඩෝස් වල වැඩ කරන්න වින්ඩෝස් 10 වලදි අවස්ථාව සලසලා තියනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here