හෙඩ්ෆෝන් දෙකක් ගන්නද බැලුවේ? එහෙමනම් ඊට කලින් මේ කරුණු ගැන දැනුවත් වෙලා ඉමු. – Saru News Media

0
9

සාමාන්‍යයෙන් අපි ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන එදිනෙදා ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩ අතරින් නිතරම වගේ මිලදී ගන්න සිද්ධ වෙන දෙයක් තමයි හෙඩ්ෆෝන්ස් සහ හෙඩ්සෙට් කියන්නේ. හැබැයි “අපි හැමොම” කියලා කියන්නෙ නැතුව “අපි ගොඩක් දෙනෙක්” කියලා කිව්වේ ඇයි? හේතුව තමයි සමහරු ඉන්නවා අවුරුදු ගණන් එකම හෙඩ්සෙට් එක, එකම හෙඩ්ෆෝන්ස් සෙට් එක පාවිච්චි කරන. අපි වගේම තමයි පාවිච්චියත්. එහෙමනම් මොකද්ද එතන තියෙන රහස? සමහර වෙලාවට ඒ කට්ටිය දන්නවා ඇති අපි හෙඩ්ෆෝන්ස් සහ හෙඩ්සෙට් ගැන මේ කියන්න යන කරුණු කාරණා. ආන්න ඒ නිසා මීලඟ වතාවේ මාස හයකට විතරක් පාවිච්චි කරන්න හෙඩ්ෆෝන්ස් දෙකක් ගන්නෙ නැතුව, කල් පවතින්න හොඳ කොලිටියෙන් හෙඩ්ෆෝන්ස් දෙකක් ගන්න නම් මේ කියන කරුණු කාරණා ගැන සලකලා බලන්න.

 

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ඔය හෙඩ්ෆෝන්ස් ගන්නකොට බ්‍රෑන්ඩ් ගැන ඒ තරම් වද වෙන්නෙ නැහැනේ. ඒකට හේතුවක් තියෙනවා. බ්‍රෑන්ඩඩ් හෙඩ්ෆෝන් එකක් රුපියල් පන්දාහක් වෙනකොට, බ්‍රෑන්ඩ් එක හොයන්න නැති හෙඩ්ෆෝන් එකක් රුපියල් හයසිය පණහට ගන්න පුළුවන්. ඉතින් මොකටද නිකම්ම නමකට රුපියල් හාරදාස් තුන්සිය පණහක් ගෙවන්නේ? එහෙමද හිතුවේ? ඇත්ත කතන්දරේ මේකයි. බ්‍රෑන්ඩ් නැති පොඩි ගාණක හෙඩ්ෆෝන් එකක් මාස තුනක් පාවිච්චි කරලා කැඩෙනකොට, බ්‍රෑන්ඩඩ් හෙඩ්ෆෝන් එක අවුරුදු තුනකටත් එහා පාවිච්චි කරන්න පුළුවන්. කොලිටියේත් හිතාගන්න බැරි වෙනසක් තියෙනවා.

 

මෙන්න මේක අනිවාර්ය කාරණයක්. හෙඩ්ෆෝන් එකක් ගන්න කලින් ඒකෙන් මොනවා හරි අහලා බලන්න ඕන. ඒකට හේතු මේවා තමයි. බ්‍රෑන්ඩ් නැති හෙඩ්ෆෝන් වල කොලිටිය ගැන ෂුවර් කරන්න බැහැනේ. සමහර එව්වා හරියට ඇහෙන්නෙ නැති තරමටම කොලිටි අවුල්. බ්‍රෑන්ඩඩ් හෙඩ්ෆෝන්ස් වල වුනත් අවුට්පුට් එක අපේ රුචිකත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. අනික සමහර උපාංග වලට සමහර හෙඩ්ෆෝන්ස් වලින් ලබාදෙන අවුට්පුට් එකේ වෙනස්කම් තියෙන්නත් පුළුවන්. ඔන්න ඔය හැම ප්‍රශ්නයක්ම මග හරවා ගන්න පුළුවන්, හෙඩ්ෆෝන් එක ගන්න කලින් පොඩ්ඩක් ඒකෙන් සිංදුවක් දෙකක් අහලා හිටියානම්.

 

මේකත් හොඳ ප්‍රශ්නයක්. අපිට ඕන නම් ඉන්-ඉයර් හෙඩ්ෆෝන් සෙට් එකක් ගන්න පුළුවන්. අර කන ඇතුළට ගහන ඒවා. ඒකෙත් වඩාත් සුවපහසු ඉයර්-බඩ් ඩිසයින් එකේ එව්වා තමයි. හැබැයි මේවා ඔය බස් එකේ යන වෙලාවට සිංදුවක් අහගෙන යන්න හොඳ වුනත්, එක දිගට ගොඩක් වෙලා කනේ ගහගෙන ඉන්න හොඳ නෑ. කන් රිදෙන්න පටන් ගන්න පුළුවන්. හැබැයි අවට සද්ද බද්ද කපා හැරලා හොඳ අවුට්පුට් එකක් දෙන්නත් මේවලට පුළුවන්.

ඔන්-ඉයර් හෙඩ්ෆෝන් වලට ඇත්තටම කියන්නේ Supra-aural headphones කියලා. ඒවා කනේ ගාණට වගේ ලොකුයි. ඒකෙන් මියුසික් අහනකොට අපිට අවට සද්දත් ඇහෙනවා. අපි අහන මියුසික් අහළ පහළ අයටත් ඇහෙනවා. මේවත් දීර්ඝ වෙලාවක් කනේ රඳවාගන ඉන්න හොඳ නෑ.

ඕවර්-ඉයර් කියන්නේ අර කන වැහෙන්න දාගන්න පුළුවන්, බොහොම සුවපහසු හෙඩ්ෆෝන්ස්. මේවා හොඳයි දීර්ඝ වෙලාවක් හෙඩ්ෆෝන් එක කණේ ගහගෙන ඉන්න වෙන අයට. ඒ වගේම මේ වලින් ලබාදෙන සවුන්ඩ් කොලිටි එකත් සුපිරි. හැබැයි ඉතින් මෙව්වා සයිස් එකෙන් සෑහෙන්න විසාලයි.

 

දැන් අපි බස් එකේ යනකොට ඔන්න හෙඩ්ෆෝන් එක දාගෙන ෂෝපෑන්​ගේ ක්ලැසික් සංගීතයක් අහන්න හරි බරි ගැහෙනවා. හැබැයි අපිට ඇත්තටම ඇහෙන්නේ ෂෝපෑන්​ව නෙවෙයි, බස් එකේ රේඩියෝ එකේ යන බස් සිංදුව. ආන්න ඒ නිසා තමයි ඔය එදිනෙදා යන එන ගමන් වාහනේක සිංදු අහන්න නම් Noice blocking නැතිනම්  Noice cancelling හෙඩ්ෆෝන් එකක් අවශ්‍ය වෙන්නේ. හැබැයි ඉතින් ඔෆිස් එකක වගේ නම් ඔය විදියේ හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරන එක කරදරයක් වෙයි. මොකද අපිට කෙනෙක් කතා කළත් ඇහෙන්නේ නැති නිසා. ආන්න ඒ නිසා ඒකට ගැලපෙන හෙඩ්ෆෝන්ස් ගන්න ඕන. විශේෂයෙන්ම ඔය Open back headphones වල සවුන්ඩ් කොලිටිය හොඳ වුනත් අහල පහල සද්දත් අපිට ඇහෙනවා. Closed back headphones වල අහල පහල සද්ද ඇහෙන්නෙ නැති වුනත් කොලිටිය එතරම් හොඳ නෑ. ඒ නිසා අහල පහල සද්ද ඇහෙන්නේ නැතිවෙන්න නම්, ඔය විශේෂ Noice cancelling හෙඩ්සෙට් එකක් ගන්න එක හොඳයි. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here