Lifie Car Reviews – කියා පිකැන්ටෝ (Kia Picanto) – Saru News Media

0
7

අපි අදත් Lifie Car Reviews වලින් කතා කරන්න යන්නෙ කතා ක​ළ යුතුම වාහනයක් ගැන. ඒ තමයි කියා සමාගමේ නිර්මාණයක් වෙන පිකැන්ටෝ කියන Hatchback කාර් එක. මේ වාහනේ ගැන කියන්න කලින් කියා සමාගම ගැන ටිකක් කියල ඉන්න ඕනෙ. හේතුව ලංකාවේ ගොඩක් අය කියා වාහන සම්බන්​ධයෙන් එච්චර හොඳ ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. කියා කොම්පැණිය තමයි දකුණු කොරියාවේ දෙවෙනි විශාලතම වාහන නිෂ්පාදන සමාගම සහ පැරණිම වාහන නිෂ්පාදන සමාගම. කොහොම උනත් මේ වෙද්දී කියා සමාගමේ කොටස් අයිතියෙන් වැඩි ප්‍රමා​ණයක් හ්යුන්ඩායි සමාගම සතු නිසා ඒ ආයතනයේම කොටසක් විදිහට තමයි මේ සමාගම වැඩ කරන්නේ. අපේ කොම්පැනි දෙකකින් එලියට ආපු එකම ජාතියේ වාහන ආර්ටිකල් එක කියෙව්වා නම් එකෙත් තිබ්බ මේ සමාගම් දෙක ගැන සහ ඒවාට පොදු වෙච්ච වාහන මොඩල් එකක් ගැන. 

කොහොමින් කොහොමහරි කියන්න තියෙන්නේ කියා කියන්නේ ලෝකයේ හොඳම තාක්ෂ​ණය පාවිච්චි කරලා වාහන නිෂ්පාදනය කරන ආයතනයක් කියන එක තමයි. හරි අන්න ඒ වගේ දියුණු සමාගමකින් නිෂ්පාදනය කරන වාහනයක් තමයි පිකැන්ටෝ කියන්නේ. මේ වාහනේ ගැන බජට් එක​ට වාහනයක් ගන්​න හොයන අයට ගැලපෙනම කාර් 7ක් කියන ආර්ටිකල් එකේදිත් පොඩියට කතා කළා. හරි මේ ආර්ටිකල් එකෙන් ටිකක් ලොකුවට කතා කරමු.

මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ 2004දී. ලොකු ඉතිහාසයක් තියෙන වාහනයක් නොවුනට මේ වෙද්දී ජෙනරේෂන් තුනක වාහන එලියට ඇවිත් තියෙනවා. කොහොම උනත් අද අපි කතා කරන්නේ 2017 දී එලියට ආපු පිකැන්ටෝ එකේ තුන් වෙනි ජෙනරේෂන් එකේ මොඩල් එක ගැන. 

 

 

 

ෆුල් ඔප්ෂන් වාහනය තියෙන්න ඕනෙ ඔක්කොම විශේෂාංග මේ වාහනේට ඇතුලත් කරන්න නිෂ්පාදකයා සමත් වෙලා තියෙනවා. විස්තර වශයෙන් කිව්වොත් පවර් ස්ටියරින්ග්, පවර් මිරර්, Bluetooth  පහසුකම එක්ක DVD ප්ලේයර් එකක්, Cruise Control වගේ තව ගොඩක් ඔප්ෂන් මේ වාහනේ එක්ක ලැබෙනවා. 

 

 

මේ වාහනේට දීල තියෙන ආරක්ෂාව සම්බන්ධ තත්ත්ව සහතික ගැන කිව්වොත් Euro NCAP පරීක්ෂණයට මුහුණ දීල සැලකිය යුතු මට්ටමක් ලබාගෙන තියෙනවා. මේකේ Standard මොඩල් එක මේ පරීක්ෂණයෙන් තරු පහෙන් තුනක් දිනාගෙන තියෙනවා. ඒ වගේම Safety Pack මොඩල් එක තරු පහෙන් හතරක් දිනාගෙන තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනෙ ඉන්දියන් ඇල්ටෝ එකට එක තරුවක්වත් ලබාගන්න බැරි වෙලා තියෙනවා මේ ටෙස්ට් එකෙන් කියන එක. ඒ වගේම ඉදිරිපස ආසන දෙකටම එයාර් බෑග් දෙකක්, ABS, Emergency Braking System, Parking Distance Warning – Reverse, Hill Start Assist Control, Electronic Stability Control වගේ දේවල් ආරක්ෂාව සම්බන්ධව එකතු කරලා තියෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here