දැන් ඕනම දෙයක් සේව් කරලා තියන්න පුළුවන් ක්ලවුඩ් මතක ධාරිතාවක… හැබැයි මොකද්ද හොඳම ක්ලවුඩ් සේවාව? – Saru News Media

0
9

ඉස්සර ඔය කොම්පියුටර් වැඩ වලට අත් පොත් තියපු කාලේ අපි වැඩ කලේ ෆ්ලොපි ඩිස්ක් එක්කනේ. ඇත්තටම මෙගාබයිට් දෙකකවත් මෙමරියක් නැති ෆ්ලොපි ඩිස්ක් වලින් අපි වැඩ කළා කියලා හිතනකොටත් පුදුම හිතෙනවා. ඊට පස්සේ ඔන්න සීඩී ආවා. ඊටත් පස්සේ මෙමරි කාඩ්ස්, පෙන් ඩ්‍රයිව්ස්, ඩීවීඩී, බ්ලූරේ ඩිස්ක්, එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් වගේ එක එක විදියේ මතක ධාරිතා එන්න පටන් ගත්තා. දැන් කාලේ ගැන කථා ක​ළොත් එහෙම, ටෙරාබයිට් එකක එක්ස්ටර්නල් හාඩ් එකක් කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් නෙවෙයි, ටෙරාබයිට් 4 හාඩ් පවා මතක ධාරිතා විදියට ගොඩක් අය පාවිච්චි කරනවා. හැබැයි මේ තමන් ගාව තියෙන මතක ධාරිතා උපාංග වල දත්ත සුරක්ෂිත කරන එකත් යල් පැනගෙන එන්නේ. ඒ වෙනුවට දැන් කාලේ ජනප්‍රිය භාවිතාවක් වේගෙන එන්නේ ක්ලවුඩ් මතක ධාරිතා පාවිච්චි කිරීම. ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් විතරයි ඕන.

දැන් ක්ලවුඩ් මතක ධාරිතාවක් පාවිච්චි කරනවා නම්, ඒකට තමන්ට හරියන ක්ලවුඩ් මතක ධාරිතා සේවාව තෝරගන්න වෙනවනේ. හැබැයි දැන් කාලේ ක්ලවුඩ් මතක ධාරිතා සේවාවන් සෑහෙන්න තියෙන නිසා ඒක ලොකු ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඒ නිසා බලන්න මේ ක්ලවුඩ් මතක සේවාවන්ගෙන් මොකද්ද තෝරගන්න හොඳම කියලා.

 

අපි හිතන්නේ ලෝකේ ගොඩක්ම දෙනෙක් දන්න ක්ලවුඩ් ධාරිතා සේවාව මේක වෙන්න ඇති කියලා. ඒකට හේතුව ගූග්ල් එකවුන්ට් එකක් තියෙන ඕනම කෙනෙක්ට නොමිලේ ගූග්ල් වෙතින් ගිගාබයිට් 15 ක් ලැබීම. හැබැයි මේ ගිගාබයිට් 15 සාමාන්‍යයෙන් නම් ලැබෙන්නේ ඊමේල්ස් සහ ක්ලවුඩ් මෙමරි කියන දෙකටම තමයි. ඒ නිසා අවුරුදු ගණන් පරණ ඊමේල්ස් තියාගෙන ඉන්න අයට ඔය ඉඩකඩ ප්‍රශ්න එන්න පුළුවන්. කොහොම වුනත් භාවිතයට අතිශයින්ම පහසු වීමත්, පුද්ගලික දේවල් පවා විශ්වාසයක් ඇතුව රඳවා තියන්න පුළුවන් විදියේ හොඳ ආරක්ෂාවක් තිබීමත්, අපි පාවිච්චි කරන ගූග්ල් නිෂ්පාදන එක්ක ගූග්ල් ඩ්‍රයිව් එක පාවිච්චිය වඩාත් පහසු වීමත් කියන හැමදේම ගත්තහම ගූග්ල් ඩ්‍රයිව් කියන්නේ ඕනම කෙනෙක්ට ගැලපෙන හොඳම ක්ලවුඩ් මතක ධාරිතාව කියන්න පුළුවන්.

 

විශේෂයෙන්ම ඔය ඔෆිස් වල එහෙම ඉතාම ජනප්‍රිය ක්ලවුඩ් ධාරිතා සේවාවක් තමයි ඩ්‍රොප්බොක්ස් කියන්නේ. ඒකට හේතුව ඩ්‍රොප්බොක්ස් සේවාවේ තියෙන ප්‍රබලත්වය විතරක් නෙවෙයි. මේකේ තියෙන ඉතාම හොඳ බැකප් සේවාවත් ඒකට හේතුවක්. ඒ කියන්නේ තමන්ගේ දත්ත නැතිවෙන්නේ නැහැයි කියලා වැඩිමනත් විශ්වාසයක් තියෙනවා කියන එක. ඒ වගේම මේකේ තියෙන easy sync හැකියාව හරහා තමන්ගේ ඕනම උපාංගයක් එක්ක තමන්ගේ ඩ්‍රොප්බොක්ස් එක යාවත්කාලීන කරලා තියන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු මතක ධාරිතාවක් නම් මේ අය දෙන්නෙ නෑ. නොමිලේ දෙන්නේ ගිගාබයිට් 2 යි!

 

ගූග්ල් පාවිච්චි කරන අයට ගූග්ල් ඩ්‍රයිව් වගේ, මයික්‍රසොෆ්ට් නිෂ්පාදන පාවිච්චි කරන අයට ලේසිම ක්ලවුඩ් ධාරිතා සේවාව තමයි මයික්‍රසොෆ්ට් වන් ඩ්‍රයිව් කියන්නේ. මයික්‍රසොෆ්ට් එක්ක රෙජිස්ටර් වුණහම ඕනම කෙනෙක්ට එක්කෙනෙක්ට ගිගාබයිට් 5 ක ක්ලවුඩ් ධාරිතාවක් නොමිලේ ලබාදෙනවා. විශේෂයෙන්ම වෘත්තිකයෝ අතරේ වන් ඩ්‍රයිව් එක සෑහෙන්න ජනප්‍රියයි. එතකොට මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජයන් පාවිච්චි කරන අයටත්, අවුට්ලුක් ඊමේල් සේවාව පාවිච්චි කරන අයටත් වන් ඩ්‍රයිව් එකත් එක්ක බොහෝම ඵලප්‍රයෝජන ලබාගන්නත් පුළුවන්!

 

අනික් හැම සේවාවකම ක්ලවුඩ් ධාරිතාවන් ලබාදෙනවා වගේම, අයිෆෝන් හරි මැක් හරි ඒ වගේ ඇපල් උපාංග පාවිච්චි කරන අය වෙනුවෙනුත් ඇපල් සමාගම ක්ලවුඩ් ධාරිතා සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ නම අයි-ක්ලවුඩ්. විශේෂයෙන්ම තමන්ගේ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් කළමනාකරණය කරගන්න එක අයි-ක්ලවුඩ් එක්ක බොහොම පහසු කාරණාවක්. ගිගාබයිට් 5 ක මතක ධාරිතාවකුත් මූලිකව එක පරිශීලකයෙක්ට ලැබෙනවා. ඔය ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවනිනේ. තමන්ගේ මැසේජස් පවා ස්වයංක්‍රීයව අයි-ක්ලවුඩ් එකේ සුරක්ෂිත වෙන විදියට ඕන නම් සැකසුම් කරන්නත් හැකියාව තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here