Lifie Car Review – ටොයෝටා විට්ස් 2018 (Toyota Vitz) – Saru News Media

0
17

අද අපි කතාකරන්න තෝරාගත්තේ ටොයෝටා සමාගමේ හොඳ නමක් දිනාගත්තු වාහනයක් ගැන. ඒ තමයි ටොයෝටා විට්ස්. අපි ඉස්සෙල්ල පොඩ්ඩක් මේ වාහනේ ඉතිහාසය ගැන කතා කරලා ඉමු. මෙහෙම වාහනයක් කරළියට එන්නේ 1999 අවුරුද්දේ  Sotiris Kovos කියන ඩිසයිනර් ගේ නිර්මාණයක් විදිහට. 1999 ඉඳලා 2005 වෙනකන් මේකේ පළවෙනි පරම්පරාව මාර්කට් එකට ආවා. මේක ලංකාවට විට්ස් උනාට වෙන වෙන රටවල් වල යාරිස් (Yaris), එකෝ (Echo) කියන නම් වලිනුත් මාර්කට් වෙනවා. ඉතින් ජපානයේත් ලොකු පෙරලියක් කරපු මේ වාහනේ එම වසරේ Car of the Year, Japan සම්මානයටත් පාත්‍ර වෙනවා. 2005 දී මේකේ දෙවෙනි පරම්පරාවේ මොඩල් එක නිපදවන්න පටන් ගන්නවා. අපිට පුරුදු විට්ස් එකේ පෙනුම තියෙන්නේ මේ කාර් එකට තමයි. ඊටත් පස්සේ 2011 දී මේකේ තුන් වෙනි පරම්පරාවේ වාහන එළිබහින්න පටන් ගන්නවා. ඉතින් අද කතා කරන විට්ස් 2018 මොඩල් එකත් විට්ස් එකේ තුන් වෙනි පරම්පරාව නියෝජනය කරනවා. දැන් අපි රිවීව් එක පැත්තට හැරෙමු. 

 

 

සාමාන්‍ය ෆුල් ඔප්ෂන් වාහනයක් වගේම Power Steering, Power Shutters, Power Mirrors , Winker Mirror, Central Locking, Rear Wiper, මල්ටි ෆන්ෂන් ස්ටියරින්ග් වීල් එක, කෘස් කොන්ට්‍රෝල් සිස්ටම් කියන ඔප්ෂන් සියල්ල එක්ක 2018 මොඩල් එකට ඇතුලත් කරපු අමතර ඔප්ෂන් කිහිපයකුත් දකින්න පුළුවන්. ඊට අමතරව ග්‍රේඩ් එක වැඩි මොඩල්ස් වලට විශේෂයෙන් එකතු කරපු ඔප්ෂන් එහෙමත් තියෙනවා. ඉතින් පාරිභෝගිකයා ගෙවන මුදලට වැඩි වටිනාකමක් එකතු කරන්න මේ පොඩි පොඩි දේවල් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් Lane Departure warning, Pre Collision Warning, Push Start, Sensory Radar Brake System, Bottle Holders වගේ දේවල් තමයි ඒ. අනිත් එක Alloy Wheel එන්නේ නෑ ලංකාවට ගෙන්නන ගොඩක් මොඩල්ස් වල. තව දෙයක් තමයි, මැනුවල් A/C කොන්ට්‍රෝල් සිස්ටම් එකක් තමයි මේ වාහනේ එක්ක එන්නේ. හැබැයි ඉහළ ග්‍රේඩ් මොඩල්ස් වල ඩිජිටල් A/C කොන්ට්‍රෝල් සිස්ටම් එකක් එනවා. A/C Ventilation Holes වල පෙනුමත් වෙනස් වෙලා තියෙනවා සාධනීය ආකාරයට.

 

 

මේ වාහනේ මෙච්චර කල් ආපු ඩුවල් එයාර් බෑග් සිස්ටම් එක වෙනුවට එයාර් බෑග් 4ක් එකතු කරලා තියෙනවා ආරක්ෂාව වැඩි කරන්න. ඒකෙත් ඉහළ ග්‍රේඩ් වලට එයාර් බෑග් 8ක් එක්ක එනවා. ඒ වගේම ABS බ්රේක් සිස්ටම් එකක්, ඉහතින් සඳහන් කරපු Lane Departure warning එහෙමත් එකතු කරලා තියෙන්නේ Safety Package කියන මොඩල් එකට. Safety මොඩල් එකටම Toyota Safety Sense කියන Collision Avoidance සිස්ටම් එක සහ ඔටෝ බ්රේක් සිස්ටම් එකක් ඇතුලත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ජපන් වාහනයක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙන ආරක්ෂක විදි විධාන මේ වාහනේටත් ඇතුලත් කරන්න ටොයෝටා ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් ආරක්ෂාව කියන පැත්ත සාපේක්ෂව සතුටුදායකයි කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නෙ. ආරක්ෂාව සම්බන්ධව කතා කරද්දී EURO NCAP ටෙස්ට් එකත් ඉතා වැදගත්. European New Car Assessment Program කියන එකේ කෙටි යෙදුම තමයි ඒ. ඉතින් විට්ස් එක මේ ටෙස්ට් එකෙන් තරු පහෙන් පහම ලබාගෙන තියෙනවා. එකත් ආරක්ෂාව ගැන හිතන කෙනෙක්ට වැදගත් දෙයක් වෙයි.

 

 

ටොයෝටා සමාගමෙන් කිව්වට මේ වාහනේ (1000cc) ලීටරයකට කිලෝමීටර් 30කට වඩා වැඩ කරනවා කියල ලංකාවේදී ඒ තරම් කාර්යක්ෂම නැහැ. ඒ කියන්නේ 16-17 වගේ තමයි ලංකාවේ පාරවල් වල තෙල් වැඩ කරන්නේ. එක ඉතින් සාමාන්‍ය හයිබ්‍රිඩ් නොවන වාහනේකට හොඳ අගයක් කියල කියන්න පුළුවන්. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here