ලංකා ඉතිහාසය වෙනස් කළ සිදුවීම් 7ක් – Saru News Media

0
6

Lifie අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. ඒ තමයි ලංකා ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච සිදුවීම් සහ පුද්ගලයෝ ගැන කතා කරන ලිපි මාලාවක් පටන් ගන්න. මේ ඒ ලිපි මාලාවේ පළමු වැන්න. අපි මේ ලිපියෙන් කතා කරන්නේ 1948 පෙබරවාරි 4 වැනිදා ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වීමට කලින් ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න බලපාපු සිදුවීම් කීපයක් ගැන. ඔබෙන් මේ ලිපිවලට ලැබෙන ප්‍රතිචාර මත අපි මේ ලිපි මාලාව තව තවත් දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මෑත කාලීන ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච ප්‍රධානම සිදුවීම තමයි නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දීම. ඇත්ත වශයෙන් කියනවා නම් ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් කරපු විශිෂ්ටතම සේවය තමයි මේ පනත හඳුන්වාදීම් මගින් රටේ සියලු දෙනාටම පන්ති භේද, ජාති භේද,  කුල භේදවලින් තොරව නිදහස් අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබා දීම. මේ සඳහා මූලිකත්වය ගත්ත සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහත්තයාටත් මතු බුදු බව ලැබෙන්න මේ පිනම ඇති. හැබැයි ජාතියේ පියවරු කියලා හඳුන්වලා දෙන කට්ටිය නම් මේ පනතට විරුද්ධ වුණා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි.

 

ලංකාවේ බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව එතෙක් තමන් සිටි පරාජිත මානසිකත්වයෙන් මුදවා ගන්න සමත් වෙච්ච සිදුවීමක් තමයි පානදුරා වාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො ජයග්‍රහණය කිරීම. උන්වහන්සේගේ මේ විශිෂ්ට ජයග්‍රහණය ගැන පුවත  සත්සමුදුර ඉක්මවා ගිහිල්ල ඇමරිකා එක්සත් ජනපදය දක්වා පැතිරෙනවා. ඒ නිසා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා ඇතුළු පිරිසක් ලංකාවට පැමිණිලා ලංකාවේ සිංහල බෞද්ධ දරුවන් වෙනුවෙන් විශිෂ්ට පාසල් පද්ධතියක් ඇති කරනවා. ඒ වගේම බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බෞද්ධයන් නැගී සිටිය යුතු බවට මුලික අවබෝධය ලබා දෙන්නෙ ඒ පිරිස විසින්. අනගාරික ධර්මපාලතුමත් බිහි වෙන්නේ මේ ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් විදිහට.

 

අමරපුර නිකාය ලංකාවේ පිහිටුවීම සිදු නොවුණා නම් ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට පවතී ද කියන එකත් ප්‍රශ්නයක්. මොකද කියනවා නම් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවො මූලිකත්වය අරගෙන ලංකාවේ උපසම්පදාව පිහිටවූ සියම් නිකාය තුළින් ගොවිගම නොවන කුලවල පුද්ගලයන්ට උපසම්පදාව ලබාදීම රජු විසින්ම වාරණයට ලක් කරනවා. මේ නිසා සිත් තැවුලට පත් වෙච්ච ගොවි කුලයට අයත් නොවන පිරිස් දිගින් දිගට ම උඩරට මහවාසලටත් මල්වතු සහ අස්ගිරි මහා විහාරවලටත් තමන්ට අසාධාරණයක් නො කරන ලෙස ඉල්ලමින් පෙත්සම් පිට පෙත්සම් යවනවා. මේ කිසිම පෙත්සමකට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුන තැන අඹගහපිටියේ ඤාණවිමල හාමුදුරුවෝ  තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා බුරුමය වෙත යාත්‍රා කරලා මහණ උපසම්පදාව ලබාගෙන ලංකාවේ කුල භේදයකින් තොරව සියලුම දෙනාට මහණ උපසම්පදාව ලබා දීමට කටයුතු කරනවා.

 

අවුරුදු දහස් ගණනක් තිස්සේ කිසිම අන්‍ය ජාතියකට සම්පූර්ණයෙන් යටත් කර ගන්න බැරි වුණ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කළේ මේ ගිවිසුම මගින්. ඉංග්‍රීසින් අවසාන වතාවේදී උඩරට ආක්‍රමණය කරන්නේ මානුෂික මෙහෙයුමක් විදිහට. ඔවුන් ප්‍රකාශ කරන්නේ ක්‍රෑර රජ කෙනෙක්ගේ ග්‍රහණයෙන් උඩරට ජනතාව මුදවා ගැනීම තමන්ගේ එකම බලාපොරොත්තුව කියලා. නමුත් අවසානයේ දී උඩරට ජනතාවට සිද්ධ වෙන්නේ ක්‍රෑර රජතුමාගෙන් පීඩාවීම කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ රජතුමාට යටත්වීමට. යම් කිසි විදිහකින් උඩරට ප්‍රභූවරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලයෙන් පහ කරාට පස්සේ ඉංග්‍රීසින්ට තමන්ට තමන්ගෙම රජකෙනෙක් පත් කර කරගන්න අවශ්‍යයි කියලා දැනුම් දීලා උඩරට රාජධානිය ස්වාධීනත්වය රැක ගන්න කටයුතු කරා නම් ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩකඩ තිබ්බා .

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here