ලක්‍ෂමන් යාපාට පුටුව දී විලී ගමගේ ආණ්ඩුකාරකමෙන් අස්වෙයි..

0
13

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පලාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.

නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ අබේවර්ධන මහතා  සිකුරාදා (03) පෙරවරු 09.30 සිය ධූරයෙ වැඩ භාර ගැනීමට නියමිතයි.

ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ශ්‍රවනාගාරයේදී වැඩ භාර ගැනීම සිදුවෙයි.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මේවනවිට කටයුතු කරන ආචාර්ය විලී ගමගේ මහතා අද (02) සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් මගින් දැනුවත් කර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here