ලෝකයේ අදටත් විසඳී නැති දේශසීමා ගැටළු – Saru News Media

0
7

ලෝකයේ යුද්ධ අතරින් බොහොමයක් ගත්තොත් යුද්ධ සියල්ලක්ම පාහේ ඇතිවෙලා තියෙන්නේ භූමිය සම්බන්ධ ගැටළු නිසා. අතීතයේදී තරම් නැති වුණත් අදටත් ලෝක දේශපාලනය රත් කරන දේශසීමා ගැටළු තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ විදිහට ලෝකයේ අදටත් විසඳිලා නැති දේශසීමා ගැටළු කීපයක් පිළිබඳව.

 

 

මහජන චීනය විශ්වාස කරන විදිහට තායිවානයේ සම්පූර්ණ අයිතිය චීනයට හිමියි. නමුත් තායිවාන ජනතාව විශ්වාස කරන්නේ මහජන චීනයේරජාතාන්ත්රික ආණ්ඩු බලය තම රටට හිමිවිය යුතු බවයි. වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජනය සිදුවුණේ තායිවානය හරහා. චීනය ආර්ථික සහ සමාජයීය නැගී සිටීමත් සමඟම තවදුරටත් ලෝක බලවතුන්ට චීනය නොසලකා හැරීමට බැරිවුණා. එහි ප්රතිඵලය වූයේ තායිවානය ඉවතට ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර සංවිධානවල බලය චීනයට  හිමි වීමයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින ගැටළුවලට එක හේතුවක් වන්නේ​ද තායිවානය කෙරෙහි ඇමෙරිකාව දක්වන සහනශීලී බ​ව සහ රට ආරක්ෂා කර ගැනීමට දක්වන මැදිහත් වීමයි.

 

 

වර්තමාන අප්රිකාව මුහුණ දෙන බොහෝ ගැටළුවලට හේතු කාරණා බටහිර අධිරාජ්යවාදීන් විසින් ඇති කළ ප්රශ්න  බව රහසක් නොවෙයි. උදාහරණයක් විදිහට වර්තමාන සෝමාලියාව සමන්විත වන භූමි භාගයේ බොහෝ ප්රදේශ අතීතයේ දී මහා බ්රිතාන් සහ ප්රංශයට හිමිව තිබුණා. මහා බ්රිතාන්යයට හිමිව තිබූ ප්රදේශ නිදහස ලැබීමෙන් ද​ශක දෙකකට පමණ පසුව ප්රංශයට අයත් ප්රදේශ වලට නිදහස හිමි වුණා. එම ප්රදේශවල අයිතියද සෝමාලියාව තමන් සතු බව පවසා සිටියත් එම ප්රදේශවල නායකයන් ඊට එකඟ වුණේ නැහැ. එහි ප්රතිඵලය වූයේ තවත් දශක කීපයක් පුරා දිග්ගැස්සෙන සිවිල් යුද්ධයක්. වර්තමාන​ය වන විට සෝමාලිලන්තය නමින් නිදහස් රාජ්යයක් ප්රකාශ කර තිබුණත් එම රාජ්යයට ජාත්යන්තර පිළිගැනීම හිමි වන්නේ අල්ප වශයෙන්.

 

 

ඊශ්රායලය කියන රට නිර්මාණය වන්නේ සදාතනික ගැටළුවක් ලෝකයට උරුම කරමින්. සියවස් ගණනාවක් තිස්සේ එම බිමෙහි උරුමකරුවන්ව සිටි පලස්තීන වැසියන්ව සිය උපන් බිමේම  සරණාගතයන් කිරීමට මෙම ගැටළුව හේතු වුණා.

බොහෝ ලෝක නායකයන් මෙම ගැටළුවට සාමකාමී විසඳුමක් සොයා යාමට උත්සාහ කරනවා. කෙසේ නමුත් එය මෙතෙක් සීයට සීයක් සාර්ථක වී නැහැ. විශේෂයෙන්ම ජෙරුසෙලමේ අයිතිය පිළිබඳව දෙපාර්ශ්වයම අතර පවතින්නේ පරස්පර විරෝධී අදහස්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here