ලෝකයේ වැඩිම මිල​කට අලෙවි වුණු පැරණි කලා නිර්මාණ – Saru News Media

0
12

 ලෝකයේ විවිධ අයගේ විනෝදාංශ එකිනෙකට වෙනස්. අපේ රටේ සමහර අය මුද්දර, කාසි ආදිය එකතු කරද්දී ඇතැම් ධනවතුන් පැරණි කාර්, ගෙවල් ආදිය එකතු කරනවා. ඊට සාපේක්ෂව විදේශ රට වල ධනවතුන් තම වත්කමෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ කලා නිර්මාණ එකතු කිරීම සඳහායි. හරහා තමන්ගේ කලා රසඥතාවය වගේම තමන්ගේ වත්කම් වල ප්රමාණයත් වැඩි කරගැනීම ඔවුන් සිද්ධ කරනවා. පහුගිය දවස්වල හෙළිදරව් වුණු නිරූපමා රාජපක්ෂ, තිරු නඩේෂන් සම්බන්ධ සිද්ධියේදී ඔවුන් විසින් කලා නිර්මාණ කීපයක් ස්විස්ටර්ලන්තයේ තැන්පත් කළ බව කියවෙනවා. මේ නිසා අපේ රටේ ඉතාමත් සුළුතරයක් ව​න ධනවතුන් පිරිසක්​ද කලා නිර්මාණ සඳහා ආයෝජනය කරන බව කියන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ වැඩිම මුදලක් ගෙවමින් වෙන් කරගත්ත පැරණි කලා නිර්මාණ කීපයක් පිළිබඳව.

 

2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන තිස් එකකටවිකිණුනු මෙම නිර්මාණය සැලකෙන්නේ පැරණි කලා නිර්මාණයක් සඳහා යම්කිසිවකු විසින් ගෙවන ලද ඉහළම අගයක් සහිත නිර්මාණයක් ලෙසයි (ඇතැම් වාර්තා වලට අනුව තවත් කලා නිර්මාණයකට මීට වඩා වැඩි මුදලක් ගෙවා තිබුණත් එය සිදු වී තිබෙන්නේ 2007 වසරේදී). පුරාණ ඇසිරියානු රජමාළිගයේ අලංකාරයට ඉදිකර තිබෙන මෙම නිර්මාණය මගින් රජුගේ දේවත්වය නිරූපණය කළ බව කිය​වෙනවා. මෙම මාළිගය ගවේෂණය කළ පුරාවිද්යාඥයන් විසින් මෙම ප්රතිමාව රැගෙන ගොස් තිබුණ අතර, පසුව එය වෙන්දේසි වුණා.

 

රෝම අධිරාජ්යයන් අතරින් විශිෂ්ටයෙකු ලෙස සැලකෙන හේඩ්රියන් අධිරාජයාගේ මෙම සම්පූර්ණ ප්රතිමාව සැලකෙන්නේ පුරාණ ලෝකයේ පිළිම ඇඹීමේ කලාවේ විශිෂ්ටත්වය නිරූපණය කරන සාක්කියක් ලෙසයි. නව රෝම අධිරාජයකු  බලයට පත්වූ වහාම ඔහුගේ රුව රැගත් කාසි නිකුත් කිරීම සේම අධිරාජ්යය පුරා ඔහුගේ ප්රතිමා ස්ථාපනය කිරීම එක​ල සිදු කරනු ලැබුවා. මෙම ප්රතිමාවද එසේ ඉදිකරන ලද ප්රතිමාවක් ලෙස සැලකෙනවා. මෙම නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6 මුදලක් ගැනුම්කරු විසින් වැය කරනු ලැබූ අතර එම වෙන්දේසිය සිදුවූයේ 2018 වර්ෂයේදීයි.

 

ඊජිප්තුව පාලනය කළ පාරාවෝ රජවරු අතරින් බාහිර ලෝකය වඩාත්ම දැන සිටින පාරාවෝවරයා ලෙස සැලකෙන්නේ ටූටන්කාමෙන් පාරාවෝවරයායි. ඊට හේතුව වන්නේ ඔහුගේ පිරමීඩය විවෘත කිරීමෙන් පසුව ඇතිවුණු ගුප්තමය මරණ වැලයි. මේ පිළිබඳව ප්රතිවාදී අදහස් පවතිනවා. කෙසේ නමුත් එහිදී හමුවූ එක්තරා ප්රතිමාවකින් ඊජිප්තු වාසීන්ගේ ගෞරවාදරයට පාත් වූ ආමෙන් දෙවියාගේ ස්වරූපය මෙන්ම ටූටන්කාමන්  පාරාවෝවරයාගේ ස්වරූපය මිශ්රව නිරූපණය වුණා. පාරාවෝ යනු ජීවමාන දෙවියෙක්​ය යන සංකල්පය ප්රවර්ධනය කිරීම සඳහා මෙම ප්රතිමා භාවිතා වී ඇති බව සිතන්නට පුළුවන්. මෙම කලා නිර්මාණය එදා 2019 වසරේ දී බ්රිතාන් පවුම් මිලිය​න 5 මුදලකට වෙන්දේසියකදී විකිණුනා.

 

 

මෙම අධිරාජ්‍යයා රෝමය පාලනය ක​ර ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයක් පමණයි. කෙසේ නමුත් ඊට පෙර සොල්දාදුවෙකු ලෙස ඔහු  රෝමය තුළ ජනප්රියත්වයක් උසුලා තිබෙනවා. ඔහුගේ ශරීර ස්වභාවය මැනැවින් නිරූපණය වන පරිදි සකසා තිබෙන මෙම උඩුකය ප්රතිමාව ඇමෙරිකානු ඩොලර් මිලියන 5 මුදලකට 2018 වසරේදී විකිණුනේ සියළු දෙනාම පුදුමයට පත් කරමින්. වෙන්දේසිකරුවන් පවා මේ සඳහා බලාපොරොත්තු වී තිබු​ණේ ඩොලර් මිලියන​යත් දෙකත් අතර මුදලක් පමණයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here