ලෝකේ පැතලියි කියන එක ලෝකේ මිනිස්සු දැනගැනීම වළක්වන්න ක්‍රියාත්මක වෙනවයි කියන කුමන්ත්‍රණ! – Saru News Media

0
7

දැන් ඔය ලෝකේ පැතලියි කියන කතන්දරේට මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධියක් ලැබෙනවනේ. ඒකට ඉතින් සමහරු කියනවා හේතුව වෙන්නේ, ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලන තත්වය ගැන අවධානය තාවකාලිකව ඉවත් කරලා, වෙන ආතල් සබ්ජෙක්ට් එකකට මිනිස්සුන්ගේ අවධානය යොමු කරවන්න බලයේ ඉන්න අය විසින්ම කරන කුමන්ත්‍රණයක් නිසයි කියලත්. හැබැයි අමතක කරන්න එපා. මේ ලෝකේ පැතලියි කියන, එහෙම නැතිනම් Flat Earth conspiracy theorists ලා මේ වෙනකොට සෑහෙන කාලෙක ඉඳලම අහන දෙයක් තමයි, ලෝකේ ඇත්තටම පැතලියි නම්, ඇයි මේ ලෝකේ ඉස්කෝල වල සිලබස් වල ඉඳලා, මිනිස්සුන් පුංචි කාලේ ඉඳලා ලබාගන්න සාමාන්‍ය දැනීම දක්වාම ලෝකේ ගෝලාකාරයි කියලා උගන්නන්නේ කියන එක. ඒකට ඒ අය ලඟ උත්තරයක් තියෙනවා. එහෙම මුළු මහත් ලෝකෙක ඉන්න බහුතරයක් දෙනා ලෝකේ ගෝලාකාරයි කියලා විශ්වාස කරන්න ප්‍රධානතම හේතුව වෙන්නේ, ලෝකේ පැතලියි කියලා වහං කරන්න ලෝක මට්ටමෙන්ම ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ! පිස්සු කොරවෙනවා නේද?

 

නෑ, ඇත්තටම පිස්සු කොර වෙන්න පටන් ගන්නේ මේ කියන කුමන්ත්‍රණ මොනවද කියලා ඇහුවට පස්සේ. අන්න ඒ නිසා, අපි පොඩ්ඩක් බලමු මොනවද මේ කියන පැතලි ලෝක කාරයෝ කියන කුමන්ත්‍රණ කියලා!

 

Flat earth conspiracies

අපි ෆොටෝෂොප් කියලා පටන් ගත්තට, ඇත්තටම මේ කියන්න යන්නේ ලෝකේ පාවිච්චි වෙන ඔය ග්‍රැෆික් ඩිසයිනින් ටූල්ස් හැම එකක්ම ගැන තමයි. මොකක්ද මේ ග්‍රැෆික් ඩිසයිනින් වලට ලෝකේ නිර්මාණය වෙලා තියෙන මෙවලම් ලෝකේ පැතලියි කියන එකත් එක්ක සම්බන්ධ වෙන කුමන්ත්‍රණේ? සරලයි. දැන් පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම ලෝකේ මොන වගේද කියලා, පොඩි ළමයා කියනවා බෝලයක් වගේ කියලා. එතකොට සෞර ග්‍රහ මණ්ඩලයක් තියෙනවා, ඒකේ තියෙන ලෝක, හඳවල් එහෙමත් ගෝලාකාරයි කියලා. එතකොට පොඩි එකා එහෙම කියන්නේ ඇයි? හේතුව, පොඩි කාලේ ඉඳලා එහෙම උගන්නනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකය ගෝලාකාරයි කියලා දකින්න පින්තූර එහෙමත් ඕනෑ තරම් තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ එහෙමත් ඡායාරූප ඕනෑ තරම් තියෙනවා. ආන්න ඒ පින්තූර එකක්වත් ඇත්ත නෙවෙයි කියලා තමයි පැතලි පෘතුවි න්‍යායකාරයෝ කියන්නේ. ඒවා ඔක්කොම සංස්කරණය කරපුවා. මේ ලෝකය පැතලියි කියන සත්‍යය වසං කරන්න හදපු මහා කුමන්ත්‍රණයක කොටසක්. ආන්න ඒ කුමන්ත්‍රණය වෙනුවෙන්, ඔය ඡායාරූප සංස්කරණය කරන්න තමයි ෆොටෝෂොප් අනං මනං ටූල්ස් හදලා තියෙන්නෙත්!!

 

Flat earth conspiracies

දැන් පරිණාමවාදයේ පියා කියලා අපි කියන්නේ චාර්ල්ස් ඩාර්වින්ටනේ. පරිණාමවාදයට අනුව, ලෝකේ ජීවය බිහිවෙන්නේ ආදි සූපය කියලා කියන මිශ්‍රණයෙන් බිහිවුණු ඒක සෛලික ජීවීන් බිහිවෙලා, පරිණාමය වෙලා, ජලයෙන් ගොඩබිමට පැමිණි පළමු සත්වයාගෙන් කියලනේ කියවෙන්නේ. ඒ සත්වයාත් පරිණාමය වෙලා වෙලා විවිධ සත්තු බිහිවෙනවා. වානරයෝ කියන්නෙත් ඉන් කොටසක්. ඊට පස්සේ මේ වානරයන්ගෙන් මිනිසා පරිණාමය වුණා කියලනේ කියවෙන්නේ. දැන් ඔය පරිණාමවාදය කුමන්ත්‍රණයක් කියලා කියන අය අහන්නේ, කොහොමද මිනිසා පරිණාමය වුණේ වඳුරන්ගෙන් නම්, තාමත් වඳුරෝ මේ ලෝකේ ඉන්නේ කියලා. ඒ අය අහන්නේ වඳුරෝ ඔක්කොම මිනිස්සු බවට පරිණාමය වෙලා, වඳුරෝ කියලා දෙයක් මේ ලෝකේ නැතිවෙන්න ඕන නැද්ද කියලා. ඒක ඉතින් බොහොම පහසුවෙන් බිඳින්න පුලුවන් තර්කයක් වුණත්, පැතලි පෘතුවිය ගැන විශ්වාස කරන අය මේ පරිණාමවාදයේ කුමන්ත්‍රණයත් හදවතින්ම වැළඳගන්නවා. ඒ අය කියනවා චාර්ල්ස් ඩාවින් ඇතුළු පරිණාමවාදය ගැන කියන හැම දෙනෙක්ම මේ මහා කුමන්ත්‍රණයේ කොටස්කාරයෝ කියලා!

 

Flat earth conspiracies

ලෝකය පැතලියි කියලා විශ්වාස කරන කොට, අයින්ස්ටයින් කියපු කාල-අවකාශ සන්තතිය කියන න්‍යාය කුඩු සංසාර වෙලා යනවයි කියන එක ආයෙ අහන්න දෙයක් නෑනේ. ඒ විතරක් නෙවෙයි, අයිසැක් නිව්ටන් කියපු ගුරුත්වය ගැන කතන්දර පවා නිකම්ම සුරංගනා කතා බවට පත් වෙනවා. එතකොට මේ අය කියනවා, ඇත්තටම ගුරුත්වය කියලා එකක් නැහැලු. ගුරුත්වය කියන්නේම හිතින් මවාගත්තු සංකල්පයක්ලු. එහෙම එකක්  තියෙනවා නම්, ඒක අපිට අල්ලලා බලන්න, අඩු ගාණේ මෙන්න මෙහෙමයි කියලා ඔප්පු කරලා පෙන්නන්න බැරි ඇයි කියලා ඒ අය අහනවා. මේ කට්ටිය කියන්නේ ඇත්තටම අපි පොළවෙන් විසිවෙලා අභ්‍යවකාශයේ පා වෙන්නේ නැතුව, පොළවට ඇලිලා ඉන්නේ අඳුරු ශක්තිය නැතිනම් ඩාර්ක් එනර්ජි කියලා කියන බලවේගයක් නිසාලු. ඒක හංගගෙන ඉන්නලු මේ තරම් විද්‍යාඥයෝ මේ ගුරුත්වයක් ගැන කතන්දර කියන්නේ. වෙන විදියකට කිව්වොත්, ගුරුත්වය කියන්නේම කුමන්ත්‍රණ කතාවක් ලු!

 

Flat earth conspiracies

දැන් ඔය ඒලියන්ස්, එහෙම නැතිනම් පිටසක්වළ ජීවීන් ගැන අහලා නැති කෙනෙක් නැහැනේ. පිටසක්වළ ජීවීන් ගැන අපි ටොන් ගාණින් චිත්‍රපටි බලලා තියෙනවා, එතකොට පොත් කියවලා තියෙනවා. ඒ විතරක්ද, මේ ලෝකේ හැම කොණකම පිටසක්වළ ජීවීන් දැක්කයි කියලත් වාර්තා වෙනවා. හැබැයි එහෙම වුණාට, පිටසක්වළ ජීවීන් ඉන්නවා කියලා ටක්කෙටම කියන්න පුලුවන් සාධක තාම නිල වශයෙන් වාර්තා වෙලා නෑ. ඒ කියන්නේ නාසා එක ඇතුළුව අභ්‍යවකාශය ගැන අපිට තොරතුරු කියන ඕනම ආයතනයක් කියන්නේ, එහෙම පිටසක්වළ ජීවීන් ඉන්නවා කියන්න ස්ථිර සාධක කොහෙන්වත් ලැබිලා නැහැයි කියලා තමයි. හැබැයි මේ පැතලි පෘතුවි න්‍යාය විශ්වාස කරන කොටසක් කියනවා, ඒවා ටොම් පචලු. එහෙම පච කියලා ලෝකේ ඉන්න මිනිස්සුන්ව අන්දන්න මේ ආයතන කටයුතු කරන්නෙත් ඇත්තටම අපිට උඩින් ඉන්න කොටසකගේ අණ පරිදිලු. වෙන එකක් තියා, මේ ලෝකේ රජයයන් පවා වැඩ කරන්නේ ඒ උඩින් ඉන්න කොටසේ අභිමතයේ විදියටලු. එතකොට කවුද ඒ උඩින් ඉන්නේ? වෙන කවුරුවත් නෙවෙයි, මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙන අපි හිතන පතන විදිය, ජීවත් වෙන විදිය ඉඳලා හැමදෙයක්ම පාලනය කරන පිටසක්වළ ජීවීන්ලු!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here