ඔබේ පොඩ්කාස්ට් එක නෙක්ස්ට් ලෙවල් එකට ගේන්න මේ ටිප්ස් අනුගමනය කරන්න! – Saru News Media

0
12

අපි මීට කලිනුත් පොඩ්කාස්ටින්ග් ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත්, අහන්න වටිනා කියන පොඩ්කාස්ට් ලිස්ට් එකක් එහෙම අපි හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම පොඩ්කාස්ටින්ග් කියන්නේ දැනුම ලබාගන්න වගෙම, දැනුම බෙදාහදා ගන්නත් හොඳ ක්‍රමයක්. අන්න ඒ දැනුම බෙදාහදා ගන්න පොඩ්කාස්ට් එකක් පටන් ගන්න ඒ තරම් අමාරු නෑ. අවශ්‍ය වෙන්නේ පොඩ්කාස්ටින්ග් සර්විස් එකක් එක්ක එකතුවෙලා තමන්ගේම පොඩ්කාස්ට් එකක් පටන් ගන්න විතරයි. ඒ ගැන විස්තරාත්මකව අපි ඉස්සරහට දවසකදී කතා කරනවා. හරි, ඔන්න දැන් පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා කියමුකෝ. ඊට පස්සේ පොඩ්කාස්ට් එක කරගෙනත් යනවා කියමුකෝ. හැබැයි ඒ විතරක් මදි. අපේ පොඩ්කාස්ට් එක වටේ ශ්‍රාවකයෝ එකතුවෙන්න ඕන. අපේ පොඩ්කාස්ට් එක ජනප්‍රිය වෙන්න ඕන. ඒකට අපි මොකද කරන්න ඕනෑ? කරන්න දේවල් තියෙනවා. මේ කියන්න යන්නේ, අන්න ඒ විදියට තමන්ගේ පොඩ්කාස්ට් එක නෙක්ස්ට් ලෙවල් එකට සාර්ථක කරගන්න වැදගත් ටිප්ස් 7 ක් ගැන.

 

දැන් අපි රේඩියෝ වැඩසටහන් අහලා තියෙනවනේ. එව්වා කොහොමද පටන් ගන්නේ? “ආයුබෝවන්, සුබ උදෑසනක්. ඉතින් ඔන්න අදත් අපි එකතුවෙලා ඉන්නවා අහවල් වැඩසටහනත් එක්ක, අපි කතා කරන්න යන්නේ නුවර එළියේ මල්ගෝවා වගාව ගැන”. හරි, සාමාන්‍යයෙන් රේඩියෝ වැඩසටහන් වල ඒ විදියේ ආරම්භ කරන, කරගෙන යන සහ අවසාන කරන ෆෝමැට් එකක් තියෙනවා තමයි. හැබැයි පොඩ්කාස්ට් එකක් කරන්න ඕන ඒ විදියට නෙවෙයි. ඊට වඩා කතාන්තරයක් විදියට ආරම්භ කරලා ගලාගෙන යන පොඩ්කාස්ට් එකකට වැඩි ආකර්ෂණයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපි කරන්නේ අළුත් ටෙක්නොලොජි ගැන කතා කරන පොඩ්කාස්ට් එකක් කියලා. ඔන්න ඒකේ අපි කතා කරන්න යනවා “අළුත්ම අයිෆෝන් කල්චර් එක සහ ෆීචර්ස්” ගැන. එතකොට අපිට පුලුවන් අයිෆෝන් එකක් මුලින්ම අතට ගත්ත දවසේ සිද්ධ වුණු ෆනී කතාවකින් වැඩේ පටන් ගන්න. ඒ කතාව ඉන්ටරස්ටින්ග් වෙන තරමට, ශ්‍රාවකයෝ අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතුවෙන ප්‍රමාණය වැඩි වෙයි.

 

දැන් අපි ටෙක්නොලොජි ගැන යූටියුබ් චැනල් එකක් කරනවා කියමු. එතකොට අපිට නිකම්ම කැමරාව ඉස්සර ඉඳගෙන කතා කරගෙන යන්න ඕන නෑ. අපිට දේවල් එතනදී සජීවීව පෙන්නන්න පුලුවන්. ග්‍රැෆික් වලින්, ඇනිමේෂන් වලින් දේවල් පෙන්නන්න පුලුවන්. හැබැයි අපිට පොඩ්කාස්ට් එකක තියෙන්නේ හඬ විතරයි. එතනදී ඒ පහසුකම නෑ. ආන්න ඒ නිසා, අපිට පුලුවන් වෙන්න ඕන, ඒ අඩුපාඩුව ප්‍රබලතාවක් බවට පත් කරගන්න. ආන්න ඒකට හොඳම ක්‍රමයක් තමයි, අපි කරන පොඩ්කාස්ට් එකේ අන්තර්ගතය සහ ඒක ඉදිරිපත් කිරීම කියන එක ගැන සැලකිලිමත් වෙලා කලින්ම හොඳ ස්ක්‍රිප්ට් එකක් එහෙම හදාගන්න එක. අන්න එතනදී අපිට පුලුවන් වෙන්න ඕන අහන අයට අපි කතා කරන දේ ගැන මනසේ චිත්‍ර මැවෙන විදියට දේවල් ඉදිරිපත් කරන්න.

 

දැන් ඉස්සර අපි හිතමු කාටහරි රේඩියෝ එකේ වැඩසටහනක් කරන්න ඕන කියලා. එතකොට රේඩියෝ සිලෝන් එකේ ඉන්ටර්වීව් ගියහම ඕන කෙනෙක්ව තෝරගන්නවද? නෑ. එතනදී කටහඬ පරීක්ෂණයකුත් තියෙනවා. ආන්න ඒකෙනුත් සමත් වුණොත් තමයි රේඩියෝ එකේ කතා කරන්න ලැබෙන්නේ. හැබැයි පොඩ්කාස්ටින්ග් වගේ දෙයක් එක්ක තවදුරටත් එහෙම ප්‍රශ්න නෑ. ඕනම කෙනෙක්ට පුලුවන් පොඩ්කාස්ට් එකක කතා කරන්න. හැබැයි, තමන්ගේ වොයිස් එක සහ වොයිස් එක හැසිරවීම කියන එක පොඩ්කාස්ට් එකකදී වුණත් වැදගත් වෙනවා. හැබැයි වෙනස් විදියකට. සාමාන්‍යයෙන් රේඩියෝ එකේ නිවේදකයෙක් කතා කරන්නේ ලොකු පිරිසකට එක පාර. හැබැයි පොඩ්කාස්ට් එකකදී වෙන්න ඕන, අහන එක් එක් පුද්ගලයෙක්ට විශේෂයෙන් කතා කරන එක. one-on-one සන්නිවේදනයක් කියන්න පුලුවන්. එතනදී අපිට හිතින් හිතාගන්න පුලුවන් අපි මේ පොඩ්කාස්ට් එකේ කතා කරන්නේ අපි ඉස්සරහා ඉන්න එක්කෙනෙක්ට කියලා. ඒක බොහොම මානුෂීය හැඟීමකින් කරන්න පුලුවන් නම්, හොඳ, හෘදයාංගම සම්බන්ධතාවයක් පොඩ්කාස්ට් එක අහන අයත් එක්ක ගොඩනගා ගන්න පුලුවන් වෙයි.

 

දැන් අපි මොනවහරි දෙයක් ගැන දේශනයක් එහෙම අහගෙන ඉන්නකොට, ඒක එක දිගටම, ඒකාකාරී ස්වරයකින්, ඒකාකාරී විදියට, සීරියස් ටෝන් එකකින් නම් යන්නේ, අපිට ඉතාම ඉක්මනට කම්මැලි හිතෙන්නෙ නැද්ද? අනිවාර්යයෙන්ම හිතෙනවා. ආන්න ඒක වළක්වාගන්න පුලුවන්, දේශනය මැද්දේ ජෝක් එකක් දෙකක් එහෙම කරලා, පොඩි ෆනී ගතියක් එහෙම තියෙනවා නම්. පොඩ්කාස්ට් එකකත් මේකම තමයි සිද්ධිය. අපේ පොඩ්කාස්ට් එක අහගෙන ඉන්න කෙනාට නිකම් නිව්ස් හරි තොරතුරු හරි අහගෙන ඉන්නවා කියන ගතිය නොදැනෙන්න ඕන. ඒකට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි හියුමර් එක පොඩ්ඩක් ඒක ඇතුළට එකතු කරන එක. අපි කලින් කිව්වනේ හෘදයාංගම කතාබහක් පොඩ්කාස්ට් එක ඇතුළේ තියෙන්න ඕන කියලා. අන්න එහෙම කතාකරනකොට, ඇත්තටම අපිට විහිළුවක්, විහිළු ලයින් එකක් කියන්න පුලුවන් තැන් ඕන තරම් එනවා. ආන්න ඒ තැන් අල්ලගන්න තමයි ඕන කරන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here