ලෝකේ වෙනස් කරන විසල් දත්ත (Big Data) ගැන දැනගනිමු! – Saru News Media

0
6

සාමාන්‍ය ක්‍රමයටත් අපි දත්ත එක්රැස් කරනවා. ඒත් බිග් ඩේටා (Big Data) නැත්නම් විසල් දත්ත කියන්නේ ඒ ආකාරයේ සාමාන්‍ය ක්‍රමයටම එකතු කරගත්ත විශාල දත්ත ප්‍රමාණයක්ම නෙමෙයි. සරලවම ගත්තොත් ෆිල්ම් තුන් හාරසීයක් ගිගාබයිට් දෙතුන් දාහක එකතු කරගත්තාට ඒක බිග් ඩේටා නෙමෙයි. බිග් ඩේටා එන්නේ ඇත්තටම 2000 වසරෙන් පස්සේ. වසර 2000න් පස්සේ මිනිස්සුන්​ගේ දත්ත පාවිච්චිය වැඩි වුනා. වෙනදාට වඩා එකිනෙකා සම්බන්ධවෙන්න අලුත් ක්‍රම ආවා. ඒ එක්ක විවිධ අන්දමේ ඩේටා ගොඩක් පහසුවෙන් එකතුකරගන්න හැකියාව ලැබුනා. මේ විදිහට විවිධ මානයේ දත්ත ගොඩක් එකතු කරගැනීමත්, ඉන් පස්සේ ඒවා හරහා විවිධ ප්‍රයෝජන ගැනීමත් බිග් ඩේටා වලදී සිද්​ධ වෙනවා.

 

සංවිධානයක් ගත්තහම ඒකට දත්ත එක්රැස් වෙන ක්‍රම ගා​ණක් තියෙනවා. ව්‍යාපාරික මුදල් හුවමාරු හරහා දත්ත එක්රැස් වෙනවා. දුරකතන සමාගමක් වගේ නම් එහි සිදුවන දුරකත​න හුවමාරු වල දත්ත එක්රැස් වෙනවා. විදුලිය පිළිබ​ඳ සමාගමක් නම් පාරිභෝගිකයින්ගේ විදුලි භාවිතාව පිළිබද දත්ත එක්රැස් වෙනවා. ඒ වගේම නවීන ක්‍රම වලට අනුව ස්මාට් ඩිවයිස්, කාර්මික උපකරණ, වීඩියෝ, CCTV, සෝ​ෂල් මීඩියා ආදී විශාල පරාසයකින් දැන් දත්ත එක්රැස් වෙනවා. සරලවම හිතුවොත් කො​ළඹ ට්‍රැෆික් ගැන ගූගල් සමාගමට දැන් පුළුවන් වෙලා තියෙනවා අපි හැමෝගෙම ජංගම දුරකථන මාර්ගයෙන් වාහන වල තදබදය ගැන මැප් එකේ පෙන්වන්න. එහිදී දත්ත එක්රැස් වන්නේ ස්මාට් ෆෝන් හරහා අදා​ළ ජාලයට.

 

දත්ත කොච්චර තිබුනත් අපිට වැඩක් නැහැ දත්ත හසුරුවන්න බැරි නම්. උදාහරණ විදිහට අපි පරණ තාලේ බිල් ගෙවන ක්‍රමයක් බලමු. ඒ ක්‍රමයෙදි බිල් පොතක් ආශ්‍රයෙන් බිල් ගෙවීම් කරනවා. මාස කිහිපයකට කලින් ගෙවපු බිලක් බලන්න ඕනි නම් අපි ඒ බිල් පොත් තොගය අවුස්සලා පෙරලලා, ඒ බිල් පොත හොයා​ගෙන එයින් අදා​ළ බිල ගන්න ඕනි. ඒත් දැන් ඒ වගේ බිල් දත්ත පරිග​ණක ගත කරලා තියෙන නිසා අපිට ඕනි අවස්ථාවක අවශ්‍ය නම් ගනුදෙනු ගැන ඩීටේල් ඉතාම ඉක්මනින් ගන්න පුළුවන්. ​මේ දත්ත තැන්පත් කිරීමේදීත් ටැග්ස්, ස්මාට් සෙන්සර්ස්, කාල රාමු, ආදී විවිධ ප්‍රයෝග යොදලා දත්ත වේගයෙන් ලබාගන්න අපිට හැකියාව තියෙනවා.

 

දත්ත එකතු කරන ක්‍රම වලදි පැරණි දත්ත එකතු කරන ක්‍රමත් තාමත් අපිට වැදගත් වෙනවා. උදාහරණ විදිහට අපේ රජයේ වැඩවලට අපේ පුද්ගලික දත්ත ආදිය එකතු කරලා තියෙනවා. දැන් මේ පුද්ගලික දත්ත වලටම තවත් දත්ත එකතු කරලා ඒ දත්ත වල තියෙන හැකියාවන් වැඩිදියුණු කරගන්න පුළුවන්. උදාහරණ විදිහට අපේ හැඳුනුම්පතේ අපේ ලේ වර්ගය, අපේ මූලික වෛද්‍යමය දත්ත ආදිය තියෙනවා නම් හදිස්සියකට අනතුරක් වුනත් රෝහල් කාර්යමණ්​ඩලවලට හරි වාසියක් වෙනවා. ඒ වගේම රියදුරු බලපත ස්මාට් කාඩ් එකක් ​ලෙස හො​ඳට දියුණු වුනොත් පරණ ක්‍රමයට අපිට දඩ ගෙවන්න තැපැල් කාර්යාල එක්ක ඔට්ටු වෙන්න ඕනි වෙන්​නෙ නැහැ. ඒ කියන්නේ දැනට තියෙන දත්තම වුනත් තවත් මාර්ග වලින් වැඩිදියුණු කරන්න පුළුවන්කම අපිට තියෙනවා. වීඩියෝ, ඉලක්කම්, ටෙක්ස්ට්, ඩොකියුමන්ට්, ඊමේල්, ඕඩියෝ වගේ විශාල ෆෝමැට් ගා​ණකින් දත්ත දෙන්න පුළුවන් වගේම එකම දෙයක් ගැන වුනත් විවිධාකාර කෝණ වලින් බලාගන්න අපිට ඒ දත්ත එන මාර්ග වැඩිවීම උදව් වෙනවා.

 

හැමදාම එකම දේවල් එකම විදිහට වෙනවා නම් ඇත්තටම ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස එක්ක විසල් දත්ත වලින් අපිට කලින් කලට වෙනස් වෙන දේවල් ගැන අනාවැකි කියන්න හැකියාව තියෙනවා. ඉස්සර වර්ෂාමාන, අනිල මානය, සුළ​ං දිශා දර්ශකය එක්ක කාලගුණ වාර්තා කිව්වා. ඒත් දැන් ඊට වඩා දියුණුයි. අපේ රටට, අපි ඉන්න පළාතට, අදා​ළ දවසට තියෙන කාලගුණය අන්තර්ජාලයෙන්ම ලබාගන්නට දැන් අපිට හැකියි. මෙතැනදී ඒ සැටලයිට් වලින්, ඩිජිටල් උපකරණ වලින් ලබාගන්නා දත්ත ඔක්කෝම විශ්ලේෂ​ණය කරලා ඊළ​ඟට වැස්සක් ළ​ං වෙනවාද? නැතිනම් පෙර පරිදි පායනවාද කියලා කියන්නට හැකියාව තියෙනවා. ගොනා හැරෙන්නේ පොල් පැ​ළේ කන්න කියලා කතාවක් තියෙනවා. ඒ වගේ අද වෙද්දි මේ විවිධතා බිග් ඩේටා වලින් ඇනලයිස් කරගන්න පුළුවන් නිසා යමක් වෙන්නට පෙර ඒ ගැන පෙර දත්ත අධ්‍ය​යනය කරලා අනාවැකි කියන්නට, නිගමන වලට එන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here