Lifie Car Review – මරූටි ඇල්ටෝ 800 (Maruti Alto 800) – Saru News Media

0
5

ලංකාවේ වැඩිපුරම දකින්න පුළුවන් වාහන වර්ගය ඇල්ටෝ කියන එක නම් බය නැතුව කියන්න පුළුවන් තරමට ඇල්ටෝ වාහන පාරවල් වල වැහි වැහලා. බොහොම දෙනෙක් තමන්ගේ පළවෙනි වාහනය විදිහට ඇල්ටෝ කියන වාහනය ගන්න අවස්ථා බොහෝමයි. ඒ තරමට ලංකාවට ඇල්ටෝ එක හොඳටම පත්තියම් වෙලා තියෙන්නේ. මෙච්චර ගොඩක් ඇල්ටෝ වාහන විකි​ණෙන්න බලපාපු ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි පහුගිය කාලෙක මාර්කට් එකේ ඉතාම අඩු මුදලකට ඇල්ටෝ වාහනයක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ කාලේ ගොඩක් අය රුපියල් පනස්දාහක් ගෙවල වාහන ඕ​ඩර් කළා. එහෙම ගෙවලත් මාසයක් දෙකක් බලන් ඉන්න සිද්ද වෙච්ච කාලයක් ඒක. ඉතින් ගොඩක් අය මේ වාහනේ මිලදී ගන්න උනන්දු උනා. ඒක එක. දෙවෙනි හේතුව තමයි තෙල් වැඩ කිරීමේ හොඳකම. පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලනේ කියන්නේ. අනික් එක ඕන අමතර කොටසක් ගොඩක්ම අඩු මුදලකට ඉතා ලේසියෙන් හොයාගන්න පුළුවන් වීම. කතාව පැත්තට හැරෙන්න කලින් තව දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ජපන් ඇල්ටෝ සහ ඉන්දියන් ඇල්ටෝ කියල කියන්නේ වෙන වෙනම මොඩල්ස් දෙකක්. අපි අද කතා කරන්නේ ඉන්දියන් ඇල්ටෝ එක ගැනයි.

 

 

මේ වාහනය බේසික් වාහනයක් කියන එක ඉන්ට්‍රෝ එකේදිම තේරෙන්න ඇති. ඉතින් විශේෂ අංග විදිහට මුකුත් දකින්න ලැබෙන්නේ නෑ. කොහොම උනත් කලින් මරුටි 800 එකේ තිබුනේ නැති පවර් ස්ටියරින්ග් (Power Steering) පහසුකම මරුටි ඇල්ටෝ එකේ ඇතුලත් කරලා තියෙනවා. Fog Lamp බේසික් මොඩල් එකට එන්නේ නෑ. එත් ඇල්ටෝ K10 එකට එනවා. තව දෙයක් තමයි ඇල්ටෝ 800 එකේ මොඩල්ස් කීපයක් තිබ්බට ලංකාවේ ගොඩක්ම තියෙන්නේ LXi මොඩල් එක ඊට අමතරව VXi කියලත් මොඩල් එකක්  තියෙනවා. ඒත් ඒක ලංකාවේ ගොඩක්ම අඩුවෙන් දකින්න තියෙන්නේ. ඉතා සාමාන්‍ය CD Player එකක් තියෙනවා. ඉස්සරහ දොරවල් දෙකට විතරක් Power Window පහසුකම ලබාදීලා තියෙනවා. ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. හැබැයි මොඩිෆයි කරන්න කැමති අයට ගොඩක් අඩු මුදලකට හොඳ Modifications කරගන්න පුළුවන් වාහනයක්.

 

 

ආරක්ෂාව සම්බන්ධව ඉතාම අඩු සැලකිල්ලක් තමයි මේ වාහනයේ නිෂ්පාදකයා දක්වල තියෙන්නේ. මේකේ එයාර් බෑග් එන මොඩල් එකේ පවා ඒ පහසුකම තියෙන්නේ රියදුරාට පමණයි. මගියා ම​ළත් කමක් නෑ වගේ එකක් ඒ කියන්නේ. අඩුම ගානේ ABS පහසුකම වත් නෑ මේ වාහනේ. මේ වාහනේ මෙච්චර බේසික් විදිහට හදන්න ගොඩක්ම යොමු වෙලා තියෙන්නේ හැම කෙනෙක්ටම කාර් එකක් ගන්න හැකියාව ඇති කරන්න කියලයි හිතෙන්නේ මොකද මේ වාහනේ ඉන්දියාවේ විකි​ණෙන මුදල ගැන හිතුවොත් ​ඒක ඉතාම අඩු මුදලක්. ඒකට මොකද වාහනේ හදන කොම්පැනියට වඩා අදායමක් ලංකාණ්ඩුව මේ වාහනේට බදු ගහල හම්බ කරනවා. ඉතින් ඉන්දියාවේ ඒ මුදලට දෙන්න පුළුවන් පහසුකම් ටික තමයි මේකට රින්ගවල අටවල තියෙන්නේ. ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවනම් බලාපොරොත්තු වෙන්න වෙන්නෙ ආණ්ඩුවෙන් තමයි. මොකද ආණ්ඩුව ඊට වඩා ලාබයක් උපයනවනේ. 

 

 

මේන්න මේ වාහනේ හොඳම කෑල්ල. මරුටි කොම්පැණිය නම් කියන්නේ ලීටරයකට කිලෝමීටර් 33ක් වැඩ කරනවා කියල. එච්චර නැති උනත් ලීටරයකට කිලෝමීටර් 20ක් වගේ වෙන්න තෙල් වැඩකරනවා. A/C එහෙම නැතුව ගියොත් නම් 23ක් වගේ වැඩ කරනවා. අනිත් එක මේකේ ටැංකියට ලීටර් 35ක් අල්ලනවා. ඉතින් ලොකු සවාරියක් ගිහින් එන්න පුළුවන් Full Tank එකකින්. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here