ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන්නැයි නිලධාරින්ට උපදෙස්

0
8

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් අවසන් කරන්නැයි විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සියක් නගර පහසුකම් සංවර්ධනය සහ නගර සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 600ක්.

ඉතිරි රුපියල් මිලියන 400 වෙන්කර ඇත්තේ රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here