පාසල්, නිවාස සහ වෙළඳසැල්වල පරිගණක සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

0
9

පාසල්, නිවාස සහ වෙලදසැල් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවී පරිගණක ඇතුළු විදුලි උපකරණ සොරකම් කළ සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 26ක් වන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදීයි.

තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පරිගණක ඒකකයට ඇතුල්වී එහි තුල තිබු ලැප්ටොප් පරිගණකයක් ඇතුළු පරිගණක උපකරණ රැසක්ද සැකකරු විසින් සොරකම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම වටවල ටෙම්පල්ස්ටෝ ප්‍රදේශයේ නිවාස සහ තවත් ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් බිද විදුලි උපකරණ සැකකරු විසින් සොරකම් කර තිබෙනවා.

ඔහු විසින් සොරකරම් කර වෙනත් පුද්ගලයන්ට අලෙවිකර තිබූ භාණ්ඩ කිහිපයක් මේවන විට සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here