වාහනේට සාත්තුවක් දෙන්න පුළුවන් හො​ඳම සර්විස් ස්ටේෂන් 7ක් – Saru News Media

0
7

තමන්ටම කියල වාහනයක් තියෙන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වාහනේ සර්විස් කරගන්නේ කොහෙන්ද? හොඳම, මිලෙන් අඩුම සර්විස් ස්ටේෂන් මොනවද කියන එක. සමහරු සර්විස් එක කියල විශේෂයෙන් තැනකට ගෙනියන්නේ නැතුව අදා​ළ දේවල් ගෙදරදීම කරගන්නවා. එත් සර්විස් ස්ටේෂන් එකක කරන හැමදේම අපිට ගෙදරදී කරන්න අමාරුයි. ඉතින් එහෙම පිට තැනකට වාහනේ දාල සර්විස් එකක් කරද්දී හොදම දේ තෝරාගන්න තමයි හැමෝම බලන්නේ. ඉතින් ඒ තේරීම කරන්න පොඩි සපෝර්ට් එකක් තමයි අපි මෙතනින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී කාර් වෑන් වගේ පුද්ගලික වාහන ගැන තමයි වැඩි බරක් දෙන්නේ සහ කොළඹ අවට තියෙන තැන් ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. ආහ් අනිත් එක මේ තැන් දාන්නේ කිසිම අනුපිළිවෙලකට නෙමෙයි කියලත් කියන්න ඕනේ.

                               

 

Care Point කියන්නේ වාහනේට ප්‍රිමියර් සාත්තුවක් දෙන්න ඕන නම් කියාපු ප්ලේස් එකක්. ගා​ණ නම් සාපේක්ෂව ටිකක් වැඩියි. හැබැයි වාහනේ ඇතු​ළට දාපු වෙලාවේ ඉ​ඳල කස්ටමර් සර්විස් එක වගේම වාහනේට දෙන සර්විස් එකත් සුපිරි. ඊට අමතරව ගොඩක් පැතිරුණු ශාඛා ජාලයක් තියෙනවා.  උදාහරණයක් විදිහට ජා ඇළ, මිගමුව, තලවතුගොඩ, නුගේගොඩ, මහරගම, වත්තල, ඇතුල් කෝට්ටේ වගේ.  ආහ් තව දෙයක් තමයි මෙයාල 15 Minutes Car Wash කියල අලුතින් වැඩකුත් පටන් අරන් තියෙනවා. ඒ හැබැයි කාර් වොෂ් විතරයි හැබැයි. අවසානයේ කියන්න තියෙන්නේ සර්විස් එකක් කරපු කිසි කෙනෙක් වරදක් නොකියන තැනක් කියල තමයි. අනිත් එක දින හතේම ඕපන්. 

 

 

Auto Miraj කියන්නෙත් බ්‍රාන්චස් ගොඩක් තියෙන සර්විස් ස්ටේෂන් එකක්. මහරගම, මොරටුව, රත්මලාන, මාතර, බණ්ඩාරවෙල, ගම්පහ වගේ ප්‍රදේශ ගොඩක  Auto Miraj දකින්න තියෙනවා. ඉතාම සාධාරණ මුදලක් තමයි සර්විස් එකකට අයකරන්නෙත්. ​ඒක සාපේක්ෂව අඩු මුදලක් කියලත් කියන්න පුළුවන්. නාරාහේන්පිට Auto Miraj Premier කියලත් එකක් තියෙනවා. ​ඒක ඉතින් තියෙන්නේ ටිකක් ඉහ​ළ පැලැන්තියේ වාහන වලට කියල නමින්ම තේරෙනවනේ. මෙතනත් සතියේ දින හතේම  උදේ හතේ ඉ​ඳන් හවස හත වෙනකන් ඕපන්. එකම වහලක් යටින් වාහනේට අදා​ළ සියළුම දේවල් කරගන්න කැමති කෙනෙක්ට මේක හො​ඳ ප්ලේස් එකක් කියල කියන්න පුළුවන්. 

 

 

ගාල්ල, කලගෙඩිහේන ඇතුළුව ශාඛා 11ක් විතර තියෙන සර්විස් ස්ටේෂන් එකක් තමයි Laugfs Car Care කියල කියන්නේ. ඉතාම අඩු අය කිරීමකට බොහොම හො​ඳ ප්‍රති​ඵලයක් ගන්න පුළුවන් තැනක් තමයි මේක. ඇක්සිඩන්ට් රෙපෙයාර් ඇරෙන්න වාහනයකට අදා​ළ සියළුම නඩත්තු සහ සේවාවන් කරගන්න පුළුවන් තැනක් මේකත්. Hybrid වාහන වලට අදා​ළ සේවාවන් ගොඩකුත් මෙතනින් කරගන්න පුළුවන්. විශේෂම දෙයක් තමයි මේගොල්ලොන්ගේ කොස්වත්ත සහ කිරුළපන ස්ටේෂන් දෙක රාත්‍රී12 වෙනකන් ඕපන් කරලා තියෙනවා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here