2019 අවුරුද්දේ බලන්නම වටින සුපර් හීරෝ ටීවී සීරීස් කීපයක්! – Saru News Media

0
6

ඉස්සරම ඩෙක්පීස් රෙන්ට් එකට අරගෙන ෆිල්ම් බලපු අපි ඉන් පස්සේ සීඩී වලින් ෆිල්ම් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තු අපි දැන් ටීවී සීරීස් වුනත් එක්කෝ ඩවුන්ලෝඩ් කරලා, නැතිනම් නෙට්ෆ්ලික්ස් වගේ සේවාවකින් බලන්න පටන් අරගෙන තියෙනවා. එතකොට අලුතෙන් එන ෆිල්ම් වලට වඩා වැඩී කියලා හිතෙන තරමට මාසෙකට ටීවී සීරීස් කීපයක්ම රිලීස් වෙන්නත් පටන් අරගෙන. දැන් ඔය එන ටීවී සීරීස් ඔක්කොම බලන්නත් බැහැනේ. ඒත් ඉතින් හොඳම ටීවී සීරීස් තෝරගන්නත් පුළුවන් තමන් ආස කරන විදියේ වර්ග වලට අනුව. දැන් ගොඩක් අය කැමතියිනේ සුපර් හීරෝ සීන් වලට. ආන්න ඒ නිසා අපි හිතුවා මේ අවුරුද්දේ බලන්න පුළුවන් අලුත් සහ පරණ සුපර් හීරෝ ටීවී සීරීස් සෙට් එකක් ගැන විස්තර පොඩ්ඩක් කියන්න. මෙව්වා බලලා නැති නම් අනිවාර්‍යයෙන්ම අදම බලන්න පටන් ගන්න! 

 

ගොහොරු බිම් වාසස්ථානය කරගෙන ඉන්න, සම්පූර්ණයෙන්ම ශාකමය ශරීරයක් තියෙන අද්භූත දැවැන්තයෙක් ගැන ඔය සුපර් හීරෝ කොමික් පොත් වල කියවෙනවා. Swamp thing කියලා කියන මේ දැවැන්ත ජීවියාට සුපිරි බලයන් එහෙමත් තියෙනවා. දැන් ඔන්න මේ දැවැන්තයා ගැන කථාව ටීවී සීරීස් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ කථාව පටන් ගන්නේ ලුයිසියානා වල ගොහොරු බිම් ආසන්නයේ වුණු ටවුමක පැතිරිලා යන මාරාන්තික වෛරසයකින්. මේ වෛරසයට ගොදුරු වුණු මිනිස්සුන්ගේ ශරීර වලින් ගස් වැල් හට ගන්නවා විතරක් නෙවෙයි, මේ මිනිස්සුන්ගේ මෘත ශරීර වලටත් පණ එන්න පටන් ගන්නවා. කොහොම හරි මේ පිස්සු හැදෙන සංසිද්ධිය විභාග කරන්න හදන විද්‍යාඥයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙකුත් මේ ගොහොරු බිම් වලින් පටන් ගන්න අද්භූත වෛරසයට හෝ ඊට සමාන දේට ගොදුරු වෙනවා. ගොහොරු බිම්වල අද්භූත දැවැන්තයා නිර්මාණය වෙන්නේ එහෙමද?

 

 

අපි සෑහෙන්න සුපිරි වීරයෝ දකිනවනේ. මේ සුපිරි වීරයෝ සාමාන්‍යයෙන් පඳුරකට පයින් ගැහුවහම දහපහළොවක් විසි වෙන්නෙ නෑ. හැබැයි ඉන්න සුපිරි වීරයෝ එකා දෙන්නා හෝ කීප දෙනා වුනත් කරන්නේ ලෝකේ බේරගන්න එක, මිනිස්සුන්ව ආරක්ෂා කරන එක. හැබැයි මේ ටීවී සීරීස් එකේ විදියට නම් සුපිරි බලයන් තියෙන “වීරයෝ” බොහොම සුලභ දසුනක් වෙලා තියෙන්නේ. හැබැයි මේ ඊනියා සුපිරි වීරයෝ වැඩ කරන්නේ සල්ලි වලට. මේ ගොඩක් අය ඒ නිසාම අඳුරු පැත්තටත් ගිහින් අවසානයි. ඉතින් මිනිස්සුන්ව රකින්න ඉන්න සුපිරි ඩයල් අප්සෙට් වැඩ කරනකොට උන්ව නවත්තන්නේ කවුද? ආන්න ඒකට තමයි මේ බෝයිස්ලා ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම බෝයිස් කියන්නේ සුපිරි බලයන් තියෙන අය නෙවෙයි. දූෂණය වුණු සුපිරි බලයන් තියෙන අයව නවත්තන්න ඉදිරිපත් වෙන සාමාන්‍ය මිනිස්සු කීප දෙනෙක්!

 

සම්මත සුපර් හීරෝස්ලා වගේ මිනිස්සුන්ගේ ආකර්ෂණය හිමි  නොවුණු, සම්මත සමාජයෙන් ඈත් වෙලා හැංගිලා ජීවත් වෙන සුපිරි වීරයොත් ඉන්න පුළුවන්ද? ඇත්තටම ඒ අය තමන් වීරයෝ කියලා හිතන්නෙත් නෑ. ඒ අයට ලැබිලා තියෙන සුපිරි බලයන් පිටුපස්සේ තියෙන්නේ බොහොම ඛේදනීය කථාන්තරයන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, සුපිරි ධාවන ශූරයෙක් වාහන අනතුරකින් මැරෙන්න යනවා. ඒ අනතුරෙන් එයාගේ දියණියත් මැරෙනවා. ඒත් මැරෙන්න යන මේ හාදයාව සුපිරි බලයන් තියෙන සයිබෝර්ග් කෙනෙක් කරන්න දොස්තර කෙනෙක් සමත් වෙනවා, අවුරුදු ගාණකට පස්සේ. ඒත් මේ රොබෝමෑන් සතුටෙන් ජීවත් වෙනවා නෙවෙයි, නිකම්ම ජීවත් වෙනවා. මේ දොස්තර එක්ක ජීවත් වෙන අනෙක් අයගේ කථාන්තරත් මේ වගේ තමයි. ඒත් එක මොහොතකදී මේ අය තමන් ගැන නොහිතා අනුන් ගැන හිතලා ගන්න එක තීරණයකින් මේ අය සුපිරි වීරයෝ වෙන්න පුළුවන්. අඳුරු, විකාර ටීවී සීරීස් එකක් කියලා හිතෙන ඩූම් පැට්‍රෝල් නම් ඇත්තටම බලන්න වටින ටීවී සීරීස් එකක්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here