විජයදාසට නිකුත් කළ වාරණය ගැන තීරණය 07වනදා

0
14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද  යන තීරණය මේ මස 07  වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ සලකා බැලීම සිදුකෙරුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here