ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වාර්තාවක්

0
12

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි.

2023 වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස 48%ක් බව වරාය අධිකාරිය පැවසීය.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව49.81%ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජයවර්ණ පැවසීය.  

(aruna.lk)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here