විදුලි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් – Saru News Media දේශීය පුවත්

0
8

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ඇතුලු තුන් දෙනෙකුයි මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ.

පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් ලබාදී ඇති බවයි.

මේ නිසා ඔහුට අත්තනෝමතික ලෙස විදුලිගාස්තු ඉහළ නැංවීමට බලය පැවරීම මහජන සුබසාධනයට යහපත් නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.

සේවක වෘත්තීය සුරක්ෂිතතාව බරපතල ලෙස අභියෝගයට ලක් කෙරෙන බව ද පෙත්සමේ සදහන්. විදුලිබල විෂය පළාත් සභාවලට ද අයත් විෂයක් බැවින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබා නොගැනීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here