ඉන්දියාවෙන් කැනඩාවට චෝදනාවක්

0
13

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් කැනඩාවට ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රමුඛ කැනේඩියානු රජය අන්තවාදයට, බෙදුම්වාදයට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට අවකාශය සහ නීත්‍යානුකූලභාවය ලබා දෙන බවයි.

එමෙන්ම නවදිල්ලියේ අනතුරු ඇඟවීම් නොතකා කැනඩාව සංවිධානාත්මක අපරාධ සඳහා සම්බන්ධකම් ඇති පුද්ගලයින්ට වීසා නිකුත් කරමින් සිටින බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ.

ඒ අනුව පන්ජාබ් හි සිදුවන අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින්ට කැනඩාව එලෙස වීසා නිකුත් කර ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කැනඩාවේ සිටින පකිස්තාන ගැති නැඹුරුවක් ඇති ඇතැම් පුද්ගලයින් දේශපාලනිකව සංවිධානය වී ඇති බව ද ඔහු පැවසුවා.

ඉන්දියාවට මේ වනවිට පවතින විශාලතම ගැටළුවලින් එකක් පවතින්නේ කැනඩාවේ බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව පවසමින් කැනඩාවේ බලයේ සිටින පක්ෂය සහ කැනඩාවේ අනෙකුත් පක්ෂ අන්තවාදයට, බෙදුම්වාදයට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින බව ද ඔහු චෝදනා කළා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here