වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මියයයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
16

ගිනිකොනදිග ආසියාවේ පැතිර යන තාප තරංගයක් හේතුවෙන් ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය ගිය පුවතක්  වියට්නාමයෙන් වාර්තා වනවා.

දකුණු වියට්නාමයෙනුයි මේ පුවත වාර්තා වන්නේ.

ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

ප්‍රදේශවාසීන් හා මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ජලාශය භාර කළමනාකරුවන් නිසි ලෙස ජලය කළමනාකරණය නොකළ බවයි.

මත්ස්‍යයින් මිය යාමට කළමනාකරුවන් වගකිව යුතු බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ දිනවල ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු වන අතර ඒ හේතුවෙන් ජලය බොහෝ ප්‍රමාණයක් නිකරුනේ පිටකර ඇති බවද සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here