Google search engine
Home ගොසිප් පුවත් වියට්නාමයේ සැන්ඩ්විච් කෑ 560 ක් රෝහලේ

වියට්නාමයේ සැන්ඩ්විච් කෑ 560 ක් රෝහලේ

0
10

Hundreds ill after eating bánh mì in Vietnam

දකුණු වියට්නාමයේ  ඩොං නයි පළාතේ බේකරියකින් ‘බැන් මී‘ (Bánh mì ) නමැති සැන්ඩ්විච් අනුභව කිරීමෙන් පසු ආහාර විෂවීමක් හේතුවෙන් 560 ක පමණ  පිරිසක් රෝහල් ගත කර ඇත. කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවේ. බේකරිය තාවකාලිකව වසා දමා ඇති අතර මූලික පරීක්‍ෂණවලදී එය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල නොවන බව අනාවරණය විය. Bánh mì යනු සීතල මස්, pâté සහ එළවළු පිරවුමකින් සාදන ලද ජනප්‍රිය වියට්නාම සැන්ඩ්විච් විශේෂයකි.

 බලධාරීන් තහවුරු කළේ බේකරියෙන් සැන්ඩ්විච් අනුභව කිරීමෙන් පුද්ගලයින් 560 දෙනෙකු රෝගාතුර වී ඇති බවත් 200 දෙනෙකු දැනටමත් රෝහලෙන් පිටව ගොස් ඇති බවත්ය. පාචනය, වමනය, උණ සහ උදර වේදනාව වැනි ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ පිළිබඳ වාර්තා දිනපතා අඛණ්ඩව ඉහළ ගොස් ඇත. නැවුම් නිෂ්පාදනවල බහුලව දක්නට ලැබෙන E. Coli බැක්ටීරියාව හේතුකරගෙන විෂවීම ඇතිව තිබෙන බවට රෝහල් බලධාරීන් අනුමාන කරයි.

ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින් විසින් මෙම සැන්විචස් වල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති අතර, ආහාර විෂ වීමට හේතුව පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ගේ වැදගත්කම සහ දූෂිත ආහාර නිෂ්පාදන පරිභෝජනය හා සම්බන්ධ අවදානම් ඉස්මතු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here