හඳපානාගල මාරක අනතුරක් – අනතුර සිදුකළ රථය ගැන තොරතුරක් නැහැ (ඡායාරූප) | Saru News Media

0
8

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, සෝමියල් හංදිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ වහනයක් ගැටීමෙන් අද (07) උදැසන මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුකළ රථය පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමෙන් පසු මළ සිරුර මාර්ගය මත තිබිය දී තවත් වාහන කිහිපයක්ම එය මතින් ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, හේතුවෙන් මළ සිරුර හඳුනාගන නොහැකි ආකාරයෙන් කැබලිවලට වෙන් වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුගල්ගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු තිදරු පියෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුර සිදුකළ රථය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු තොරතුරක් නොමැති අතර, වැල්ලවාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here