විසා නිකුතුව සමාගමුවට පැවරීමට ටෙන්ඩර් කැදවන්න අවශ්‍ය නෑ…

0
15

විසා නිකුත් කිරීම සමාගමුවට පැවරීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දෙයි.

විවිධ රටවල වීසා සැකසීමේ සමාගම වන්නේ මෙම සමාගම පමණක් වීම ඊට හේතුව බවත් හෙතෙම කියා සිටියේය.

අදාල යෝජනාව පැමිණි පසු ඒ සඳහා කමිටුවක් පත් කර එයින් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කිනම් වීසා ගාස්තුවක් අය කලත් එය රජය වෙත ආපසු ලැබෙන බවත් පැවසූ ඔහු මීට පෙර වීසා ගාස්තු පාර්ලිමේන්තුවේ ඒකමතිකව අනුමත වූ බවත් පැවසීය.

පත් කරන ලද සමාගම අමතර ගාස්තුවක් අය කරන්නේ ඔවුන් සපයන සේවාව වෙනුවෙන් පමණක් බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here