සංචාරක වීසා ගැටළුව ගැන මැතිසබයෙදී සංවාද

0
12

සංචාරක වීසා ගාස්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති තත්වයන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇති වුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී කියා සිටියේ පාර්ලිමේන්තුව විසින් වීසා ගාස්තු සංශෝධනයකට අනුමැතිය ලබාදී ඇතත් වෙනත් ගාස්තු අයකිරීමට අනුමැතිය ලබාදී නොමැති බවයි.

new2023 voice · PRL KIRIEELA 05

මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. 

new2023 voice · PRL TIRAN – KIRIELLA 06

එහිදී අමාත්‍ය ටිරාන් අලස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර ඇති වුණේ මෙවන් උණුසුම් සංවාදයක්. 

new2023 voice · PRL KIRILLA – TIRAN 08

මේ අතර සංචාරක වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා කටුනායක ගුවන් තොටුපොළේදී ඇති වූ සිද්ධියේදී අදහස් දැක්වූ තරුණයාට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

new2023 voice · PRL SAJITH 04

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

new2023 voice · PRL WIMAL 07

මේ අතර සංචාරක වීසා ගාස්තුව පැරණි අගයේම පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

 

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාම සිදුවනු ඇති.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය එහිදී තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය පවසනවා. 

මේ අතර තමන් සංචාරක අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ සංචාරක වීසා ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සිය අදහස් ප්‍රකාශ කළද එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු නොකළ බවයි.

එමෙන්ම එම ලිපියේ සඳහන් දිනය මීට මාසයකට පෙර දිනයක් බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.     
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here