ස්මාට්ෆෝන් එකෙන් ග්‍රැෆික් නිර්මාණයට ගැලපෙනම ඇප්ස් කීපයක්! – Saru News Media

0
8

දැන් කාලේ ඩිසයින් වැඩ දැනගෙන ඉන්න එක සෑහෙන්න ප්‍රයෝජනවත්, ඕනම ජොබ් එකකට. උදාහරණයක් විදියට ගත්තොත්, පොල් කඩන බිස්නස් කරන මහතුං අයියට වුණත් සමහර වෙලාවට පොල් කඩනු ලැබේ කියලා වට්ස්ඇප් පෝස්ටරයක් හරි ෆේස්බුක් පෝස්ට් එකක් හරි හදාගන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සරල වැඩක් ගොඩදාගන්න එක වුණත් ඉතින් එක්තරා විදියට ග්‍රැෆික් ඩිසයිනින් තමයි.

හරි, දැන් කාලේ ගොඩක් දෙනෙක් කෝකටත් පාවිච්චි කරන්නේ ස්මාට්ෆෝන් එකනේ. අන්න ඒ නිසා ස්මාට්ෆෝන් එකෙන්ම ඔය ග්‍රැෆික් වැඩක් ගොඩදාගන්න පුළුවන් ඇප් එකක් එහෙම තියෙන එක ඉතාම වටිනවා. හැබැයි ඇත්තටම දැන් කාලේ ස්මාට්ෆෝන් වලට තියෙන සමහර ඩිසයිනින් ඇප්ස් වලින් මේ වගේ සරල වැඩක ඉඳලා සම්පූර්ණ වෛවර්ණ කාටූන් නැතිනම් චිත්‍ර නිර්මාණය කරන එක දක්වා සංකීර්ණ වැඩකටයුතු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හිතුවා විශේෂයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් පාවිච්චි කරන අයට ගැලපෙන, අඩු තරමින් මූලික හැකියාවන් ටිකවත් ෆ්‍රී පාවිච්චි කරන්න පුලුවන් ඩිසයිනින් ඇප්ස් කීපයක් හඳුන්වලා දෙන්න. මේවායින් එකක් හරි ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියාගන්න එක කවදාක හරි ප්‍රයෝජනයක් වෙයි.

 

මේකේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් සංස්කරණය ගත්තත් අසීමිත සංඛ්‍යාවක් කැන්වසයන්, ලේයර, අන්ඩූ සහ රීඩූ හැකියාවන් සමග විවිධ මෙවලම් සෙට් එකක් ලැබෙනවා වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණය සඳහා. ඒ වගේම ඕන නම් මේකට වෙන වෙන ඉමේජස් ඉම්පෝට් කරලා විශේෂ ඉෆෙක්ට්ස් එහෙම යොදලා සංස්කරණය කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් නොමිලේ දෙන සංස්කරණයෙන් අපි නිර්මාණය කරපු/සංස්කරණය කරපු ඉමේජස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ JPEG විදියට විතරයි. ඊට වඩා ෆෝමැට් සහ වඩාත් සංකීර්ණ හැකියාවන් අවශ්‍ය නම් මේක මිලදී ගන්න වෙනවා.

 

මෙන්න නියම තාලේ චිත්‍ර අඳින්න පුළුවන් ඇප් එකක්. චිත්‍ර අඳින්න කිසිසේත්ම හැකියාවක් නැති කෙනෙක්ට හිතුමනාපේ බලිකුරුටු අඳින්න වගේම, චිත්‍ර අඳින්න දක්ෂ කෙනෙක්ට අතිවිශිෂ්ට ග්‍රැෆික් චිත්‍ර නිර්මාණය කරන්නත් අවකාශය ලබාදෙන ස්කෙච්බුක් ඇප් එකේ නොමිලේ ලබාදෙන සංස්කරණයේ වුනත් අතිවිශාල හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකට වුවමනා මෙවලම් බොහොම ප්‍රමාණයකුත් මේක ඇතුළේ තියෙනවා. මේක නොමිලේ සංස්කරණය ඔස්සේ පාවිච්චි කරල බැලුවහම හිතාගන්න පුලුවන් වෙයි මේකේ ප්‍රෝ සංස්කරණය කොයි තරම් ප්‍රබලද කියන එක. ඇත්තටම හොඳ නිර්මාණශීලීත්වයක් එක්ක මේ ඇප් එක එකතු කළාට පස්සේ හිතාගන්න බැරි තරම් විශිෂ්ට චිත්‍ර නිර්මාණ බිහි කරන්න පුළුවන්.

 

සමහර වෙලාවට අපි ස්මාට්ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ එකක් වෙක්ටර් ග්‍රැෆික් එකක් බවට හරවන්න අවශ්‍යතාවයක් එන්න පුළුවන්. අන්න ඒකට ගැලපෙන ඇප් එකක් තමයි Adobe Capture CC කියන්නේ. මේකෙන් වෙක්ටර් ග්‍රැෆික් බවට හරවන ඉමේජස් Photoshop, Dreamweaver, Animate, Illustrator InDesign, Premiere Pro වගේ ඕනම සොෆ්ට්වෙයාර් එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මේ නොමිලේ ලබාගන්න පුළුවන් Adobe Capture CC ඇප් එක ඇත්තටම Brush CC, Color CC, Hue CC සහ Shape CC කියන ඇප්ස් වල එකතුවක් විදියට සලකන්න පුළුවන්. මේකෙන් අපිට ජ්‍යාමිතික රටා, සංකීර්ණ වර්ණ, හැඩතල එක්ක සෙල්ලං කරන්න පුළුවන් වගේම, විවිධාකාරයට සකසා ගන්න පුළුවන් පින්සල් සෙට් එකකුත් ලබා දෙනවා. ඒ එක්කම මේකේ අලුත්ම සංස්කරණයෙන් අපිට විවිධාකාරයේ ක්‍රියේටිව් ෆොන්ට්ස් හොයාගන්නත් ඉඩක් ලබාදෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.

 

එක පාරටම අමුතු නමක් තියෙන ඇප් එකක් වගේ හිතුණත්, ඇත්තටම ටයාසුයි ස්කෙචස් කියන්නේ බොහෝම යූසර් ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම බැලූ බැල්මට ඇප් එක දැක්කහම හිතන්න බැරි තරමට නවීන ඩිසයිනින්ග් හැකියාවන් ලබාදෙන ඇප් එකක්. මේකත් ඩ්‍රෝවින් සහ පේන්ටින්ග් වලට තමයි ගොඩක්ම ගැලපෙන්නේ. ඒ කියන්නේ චිත්‍ර අඳින්න සහ පාට කරන්න. ඒකට ගැලපෙන එක එක විදියේ පැන්සල්, පෑන්, පින්සල්, කලර් බකට් ඇතුළු දීර්ඝ මෙවලම් මල්ලක් මේ ඇප් එකත් එක්ක ලැබෙනවා. ඒ වගේම ලේයර්ස් හැකියාවත් තියෙන නිසා තමන්ගේ චිත්‍ර ඉමේජ් එක්ක සම්බන්ධ කිරීමේ ඉඳන් නිර්මාණශීලී කාර්යයන් බොහෝමයක් කරන්න නිදහස ලැබෙනවා. විශේෂයෙන්ම මේකේ තියෙන වෝටර්කලර් වෙට් පින්සල් මෙවලම එහෙම අතිශයින්ම සැබෑ එකක් වගේ කියලා තමයි පාවිච්චි කරපු අය කියන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here