යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ආසද? එහෙමනම් දිගටම කියවමු, හෙටම චැනල් එකක් පටන් ගමු! – Saru News Media

0
8

හිතෙන්නෙ නැද්ද යූටියුබ් චැනල් එකක් කරන්න? දැන් කාලේ හැමෝම වගේ යූටියුබ් චැනල් කරනවනේ. ඇත්තටම එතකොට තමන්ටත් යූටියුබ් චැනල් එකක් කරන්න තිබුණා නං කියලා හිතන අය ඇති. හැබැයි ඒ හිතිවිල්ල ඇත්තටම ප්‍රායෝගිකව සාක්ෂාත් කරගන්නේ ටික දෙනෙක් තමයි. ඒ ටික දෙනාගෙනුත් සාර්ථක වෙන්න පුළුවන්, හරි පාරක, හරි අරමුණක් ඇතිව යන යූටියුබ් චැනල් එකක් කරන්නේ එහෙමත් කෙනෙක් තමයි. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ යූටියුබ් චැනල් එකක් ඵලදායී විදියට කරන්න කැමති, තමන්ගේ යූටියුබ් Vlog කෙරුවාව සාර්ථක කරගන්න, හරියට ජනප්‍රිය කරගන්න කැමති ආධුනිකයෙක්ට සාර්ථක වෙන්න ටිප්ස් කීපයක් ලබාදෙන්න.

 

මෙන්න මේක තමයි හිතලා බලන්න ඕන ප්‍රධානතම කාරණාව. අන්තර්ගතය සැලසුම් කිරීම. මේක විශේෂ වෙන හේතුව වෙන්නේ, එකක් ගොඩක් දෙනෙක් චැනල් එකක් පටන් ගන්නේ හරි අදහසක් නැතුව වීම. ඒ කියන්නේ ඔන්න චැනල් එක පටන් ගන්නවා ෂෙයාර් මාකට් ගැන කතා කරන්න. හැබැයි ටික දවසක් යනකොට ඔන්න බුදුදහම ගැනත් මේකේ කතා කරන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ට්‍රැවල් වීඩියෝ එකක් දෙකක් එහෙමත් එනවා. කොටින්ම කිවුවොත් යූටියුබ් අච්චාරුවක් තමයි ඉතුරු වෙන්නේ.

අන්න ඒ නිසා අපි මුලින් හිතමු මොන වගේ අන්තර්ගතයක්ද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. වැදගත්ම දේ යූටියුබ් චැනල් එකෙන් ලබාදෙන්න ඕන තමන් හොඳටම දන්න, තමන්ට කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, මළාට කඩදාසි මලක් හදලා නැති හාදයෙක් ආට් ඇන්ඩ් ක්‍රාෆ්ට් Vlog එකක් කරලා වැඩක් නෑ. හැබැයි එයාට ක්‍රියේටිව් රයිටින් පුළුවන් නම්, ක්‍රියේටිව් රයිටින් ගැන ආධුනිකයන්ට ටිප්ස් කියලා දුන්නත් කමක් නෑ. තව කෙනෙක්ට ඉතිහාසය ගැන දැනුමක් තියෙනවා නම්, එයාට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ දේකදී නිකම්ම කැමරාව ඉස්සරහා ඉඳන් කතා කරන එක ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ග්‍රැෆික් අනං මනං හදන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔය මොකුත්ම කරන්න බැරි නම්, නිකං ඉන්න වෙලාවක කැම් එක ඔන් කරගෙන පරණ ආගිය කතන්දර කතා කරන Vlog එකක් කළත්, ආතල් නං නැගලා යයි!

පැහැදිලියිනේ. යූටියුබ් චැනල් එකක් කරනවා නම්, නිශ්චිත තීම් එකක් තියෙන්න ඕන.

 

මේකත් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන කාරණාවක්. ඕන නම් අපිට අඩුම බජට් එකකින් යූටියුබ් වීඩියෝස් කරන්න, හොඳ කොලිටි වීඩියෝ හැකියාවක් තියෙන ෆෝන් එකකුත් ප්‍රමාණවත්.  අපි Saru News Media එකෙන් මීට කලිනුත් කියලා තියෙනවා ෆෝන් එකකින් යූටියුබ් චැනල් එකක් පටන් ගන්නවා නම් වැදගත් වෙන කරුණු ගැන. හැබැයි ඉතින් මේක හැම තැනකදීම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට බයික් ට්‍රැවලින් ගැන එහෙම චැනල් එකක් පටන් ගන්නවා නම්, වඩා හොඳයි ගෝප්‍රෝ එකක් හරි ඊට සමාන ඇක්ෂන් කැම් එකක් හරි තියෙන එක. එතකොට එක තැනක ඉඳගෙන කතා කරනවා නම්, ට්‍රයිපොඩ් එකකට, හොඳ ඩිරෙක්ෂනල් මයික් එකකට එහෙම ආයෝජනය කරන එක හොඳයි.

වැදගත්ම දේ මේකයි. කොයි තරම් සුපිරි කැමරාවක් අරගෙන වීඩියෝ එකක් ෂූට් කළත් වැඩක් නෑ, හොඳ ආලෝක තත්ත්වයන් නැති, දැක්කහම එපා වෙන බැක්ග්‍රවුන්ඩ් එකක නම් ඒක කරන්නේ. අන්න ඒ නිසා තමන්ට අත්‍යාවශ්‍ය උපකරණ තිබුණට පස්සේ, බැක්ග්‍රවුන්ඩ් එක, හොඳ ආලෝක තත්ත්වයන්, අනවශ්‍ය සද්ද බද්ද නැති වීම වගේ දේවල් ගැන තමයි හිතන්න ඕන.

 

ඔව්, දැන් කාලේ යූටියුබ් එකේ හොයාගන්න නැත්තේ මොනවද? නයි අල්ලන එකේ ඉඳලා, කැලේ පස් මඩ වලින් ගෙවල් හදන එක දක්වා, පොත් කියවන එකේ ඉඳලා, පොත් හදන එක දක්වා, කෑම උයන එකේ ඉඳලා කෑම කන එක දක්වා විවිධාකාරයේ තේමාවන් යටතේ චැනල්ස් තියෙනවා. එතකොට අපිට ඇත්තටම අලුතින් ඇඩ් කරන්න දෙයක් තියෙනවද? නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ඕන ඔය ඉලෙක්ට්‍රොනික් ගැජට් බැජට් රිවීව් කරන චැනල් එකක් පටන් ගන්න. හැබැයි ඔය විදියේ චැනල් තියෙනවා පඳුරකට පයින් ගැහුවම දුසින් දහයක් විසි වෙන්න. ඒත් අපිට බැරිද වඩා ක්‍රියේටිව් වැඩක් කරන්න? ඕන නම් ටෙක් දන්නෙ නැති අම්මට හරි තාත්තට හරි අලුත් ගැජට් එකක් ගැන පැහැදිලි කරලා දෙන විදියේ එකක් කරන්න පුළුවන්. ඕන නම් පොඩ්ඩක් කොමඩි ලයින් එකක යන විදියට ගැජට් රිවීව් කරන චැනල් එකක් කරන්න පුළුවන්. ඕන නම් ක්ලැසික් ගැජට් බැජට් රිවීව් කරන්න පුළුවන්.

කොහොම හරි, වෙනස් විදියට, ක්‍රියේටිව් විදියට හිතන්න පතන්න පුළුවන් නම්, තරගකාරීත්වය අවුලක් වෙන්නෙ නෑ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here