කපල් වලට, තනිකඩයන්ට මේ ඕන කෙනෙක්ට හොඳ සෙක්ස් සම්බන්ධ ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්! – Saru News Media

0
6

දැන් හැමදෙයක්ම ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ කියලා ඔය සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා. සෙක්ස් කියන දේ ගත්තත් එහෙමයි කියලා සමහරු කිව්වට, අපිට නම් තාමත් සෙක්ස් කියන්නේ පුද්ගලයින් දෙන්නේ අතරේ සිද්ධවෙන සම්බන්ධතාවයක තියෙන දෙයක් තමයි ඕං. සමහර වෙලාවට ඉතින් ඩෙෆිනිෂන් එක ඇතුළේ තනි පුද්ගලයෙක් තනියෙන් සිද්ධකරන ක්‍රියාකාරකම් වුණත් සෙක්ස් කියලා ගන්න පුළුවන්. හරි, කථාව ඒක නෙවෙයි. දැන් අපේ ස්මාට්ෆෝන් එකක් ගත්තහම, ඒකෙන් සිද්ධ කරන්නේ කෝල්ස් ගන්න එක විතරක් නෙවෙයිනේ. තව දහසකුත් එකක් වැඩ රාජකාරි කරගන්න පුළුවන් විදියේ ඇප්ස් ස්මාට්ෆෝන් එකක් වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලිංගික කාරිය වෙනුවෙන් නිර්මාණය වුණු ඇප්ස් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි හිතුවා, තනිකඩයෙක්ට වුණත්, කපල් එකකට වුනත් තමන්ගේ ලිංගික ජීවිතේට උදවුවක් විදියට පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් සම්බන්ධ ඇප්ස් කීපයක් හඳුන්වා දෙන්න.

 

රොමෑන්ටික් අයිඩියාස් කියලා දාලා තිබ්බට ආපිට හැරිලා යන්න කාරි නෑ. මේ කින්ඩු ඇප් එකෙන් ඇත්තටම දෙන්නෙක්ට ශෘංගාරාත්මකව කරන්න පුළුවන් දේවල් ගැන අදහස් ලබාදෙන එක වගේ දේවල් තමයි සිද්ධ කරන්නේ. දැන් කපල් එකක් ගත්තොත් දෙන්නටම මේ ඇප් එක දාගන්න පුළුවන්. දැන් මේකෙන් එක එක විදියේ රොමෑන්ටික් අයිඩියාස්, සෙක්සි අයිඩියාස් දෙනවා. දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න වගේ සරල, හැමෝම දන්න එව්වත් එහෙන් මෙහෙන් ආවට, මේකෙන් අර “ෂහ්. ඇයි ඕක මට මතක් නොවුණේ?” වගේ අයිඩියාස් එහෙමත් මතුවෙනවා. දෙන්නත් එක්ක නිරුවතින් නිදාගැනීම, සුවඳ තෙල් සහ සුවඳ ලෝෂන් වගේ එව්වත් එක්ක එක්ස්පෙරිමන්ට් කිරීම (මේක නම් සෙක්ස් කරනකොට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්), පාට්නර්ව පුටුවකට තියලා බැඳලා ඇස් එහෙමත් බැඳලා ලිංගික උත්තේජනය ඇතිවෙන දේවල් කිරීම වගේ නොයෙකුත් සෙක්ස් ලයිෆ් එකට අදාළ අයිඩියාස් මේ ඇප් එකෙන් මතුවෙනවා.

 

පිලෝ ටෝක් කියලා එකක් අහල තියෙනවද? දෙන්නා ඇඳේදී කතාබහ කරන පැණි වෑහෙන සරාගී කතාබහට තමයි එහෙම කියන්නේ. හැබැයි මේ පිලෝ ඇප් එක ඊට වඩා වෙනස් . මේ ඇප් එකෙන් කරන්නේ දෙන්නෙක්ට රාගිකව බැඳෙන්න, තමන්ගේ ලිංගික ජීවිතය උත්තේජනය කරගන්න, ලිංගික ජීවිතය වැඩිවර්ධනය කරගන්න, ලිංගික ජීවිතයට වෙනස් රසයක් ලබාගන්න හඬ ක්ලිප් වලින් සහයෝගයක් ලබාදෙන එක. ඒක හරියට අර භාවනා කරන ඇප් එකක් වගේ තමයි. මේ ඇප් එකේ මේ උපදෙස් ලබාදෙන්නෙත් ලිංගිකත්වය ගැන ඉන්න උපදේශකවරු, තෙරපිස්ට්ලා, තන්ත්‍ර ගුරුවරු වගේ අය තමයි. ඇත්තටම නිකම්ම සෙක්ස් ලයිෆ් එකට උපදෙස් වලට වඩා මේ ඇප් එකෙන් වඩාත් ගැඹුරෙන් දෙන්නෙක් අතර සන්නිවේදනය, සමීපත්වය සහ ආශාව පවත්වා ගැනීම ගැන අපිව යොමුකිරීමක් කරවනවා.

 

කාමසූත්‍ර කියලා කියපු ගමන් පොඩි ළමයෙක් වුණත් දන්නවා මේ මොනවා ගැනද කතාකරන්නේ කියලා. ඇත්තටම වාත්‍ස්‍යාන පඬිවරයා කාමසූත්‍ර කියලා පොතක් ලියන්නේ මිනිස්සුන්ට සෙක්ස් ගැන විතරක් කියලා දෙන්න නෙවෙයි. ඇත්තටම ඒ කෘතියේ ඊට එහා ගියපු ජීවන රටා සංකල්පයන් අඩංගු වෙලා තිබුණා, සෙක්ස් ඇතුළත්ව. හැබැයි පස්සේ කාලයක් වෙනකොට කාමසූත්‍ර කියන නම කෙලින්ම සෙක්ස් සම්බන්ධ දේවල් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් වුණා. කොහොමින් කොහොම හරි මේ iKamasutra ඇප් එකත් ඒ වගේ. හැබැයි පාඩු නෑ. සරලවම කියනවා නම් iKamasutra එකෙන් දෙන්නෙක්ගේ ආදර ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විවිධාකාරයේ සෙක්ස් අයිඩියාස්, කෙලින්ම ක්ලැසික් කාමසූත්‍ර පොතෙන්ම ගත්තු සෙක්ස් කරන ඉරියව් වල ඉඳලා සෙක්ස් සම්බන්ධයෙන් දන්න නොදන්න සෑහෙන්න දේවල් කියලා දෙනවා.

 

මේක කපල් එකකටම පාවිච්චි කරන්න පුළුවන් මරු ගේම් ඇප් එකක්. දැන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකේදී නිර්මාණශීලීත්වයත් පාවිච්චි කරන්න කියලා සෙක්ස් සම්බන්ධ විශේෂඥයෝ කියනවනේ. ආන්න ඒ කාරණාව ප්‍රායෝගිකවම කරන්න පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරලා. ඒ කියන්නේ නිකම් සරලව ෆ්ලර්ට් කරන එකෙන් පටන් අරගෙන Desire – Couples Game ඇප් එක හරහා දෙන්නගේ සම්බන්ධ ඔස්සේ සෑහෙන්න දුරක් යන්න පුළුවන්. සෑහෙන්න ඇඩ්වෙන්චර් වැඩ කරන්න පුළුවන්. කරන්න නොහිතපු අත්හදාබැලීම් කරන්න පුළුවන්. මේ ඔස්සේ දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ඉන්ටරස්ටින්ග් කර ගන්න පුළුවන් කොටින්ම කිවුවොත්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here