Google search engine
Home ගොසිප් පුවත් හිසට වෙඩි තබාගත් රක්ෂණ කළමනාකරු රෝහලේදී මරුට

හිසට වෙඩි තබාගත් රක්ෂණ කළමනාකරු රෝහලේදී මරුට

0
12

 

minuwangoda-incident

වායු රයිෆලයකින් නිවෙසේ දී හිසට වෙඩි තබාගෙන බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රක්ෂණ ආයතනයක කළමනාකාරවරයා පසුගිය 22 දා අලුයම මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි චමෝද් අවිශ්ක කුමාර නමැති විසි හය හැවිරිදි අවිවාහක තරුණයෙකි.මෙය සියදිවි නසා ගැනීමක් බව පරීක්ෂණවලින්  පෙනී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.මොහු මෙවැනි ආකාරයට සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.

නිවෙසේ පිහිටි සෝපාවක වාඩි වී ඔහු පසුගිය 20 වැනිදා උදෑසන හිසට වායු රයිෆලයකින් වෙඩි තබාගන්නා ආකාරය නිවෙසේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරාවක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී දැක ගැනීමට ලැබුණු බව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here