සාගරය සේ විශාල වීමට නම්… – Saru News Media

0
31

වෙරලට පැමිණි විශාල රළ පහරක් කුඩා දරුවෙකු සෑදූ වැලි මාළිගාවක් සෝදා හැරියා.

“මුහුද කියන්නෙ හොරෙක්” – කුඩා දරුවා වැල්ලේ ලිව්ව.

ඊට මඳක් එහායින් සිටි ධීවරයෙක් එම රළපහර සමඟ පැමිණි විශාල මසුන් සංඛ්‍යාවක් අල්ලා ගත්තා.

“මුහුද තමයි මාව පෝෂණය කරන්නා” – ධීවරයා වැල්ලේ ලිව්ව.

ඒ අසල මුහුදේ පිහිනමින් සිටි තරුණයෙක් ඒ රළ පහරට හසුවෙලා ඊට ටික වෙලාවකට පස්සෙ මුහුදේ ගිලී මියගියා.

“මුහුද කියන්නෙ මිනීමරුවෙක්” – මියගිය තරුණයාගෙ මව වැල්ලේ ලිව්ව.

ඒ අතරේම අනෙක් පසින් මුහුදේ ඇවිද ගිය මහලු මිනිසෙක්ට රැල්ල සමඟ වෙරළට ගොඩගසා තිබූ ඉහළ වටිනාකමකින් යුතු මුතු බෙල්ලෙක් හමුවුනා.

“මුහුද හරිම ත්‍යාගශීලීයි” – මහලු මිනිසා වැල්ලේ ලිව්ව.

ඊලගට එක් වරම පැමිණි විශාල මුහුදු රැල්ලක් වෙරළේ ලියා තිබූ මේ සියළු සටහන් මකා දැමුව.

මේ සිදුවීම් වලින් අපිට දෙන පණිවිඩය මොකක්ද ?

මුහුද මිනිසුන්ගේ විවිධ අදහස් ගැන සැළකිල්ලක් නොදක්වා මුහුදු රැළි ගොඩබිමට එවනව. 

ඔබටත් මුහුද වගේ විශාල ඒහෙමත් නැත්නම් පරිණත චරිතයක් වෙන්න ඕන නම් ඔබත් ඔබ වටා සිටින මිනිසුන්ගේ තේරුමක් නැති කතා වලට සවන් නොදී ඔබේ අරමුණ, ඔබේ සතුට හා ඔබේ නිදහස සොයා යන්නම වෙනව.

ඇයි අපි අවට සිටින මිනිසුන්ගේ විවිධ කතා ගැන තැකීමක් නොකල යුත්තේ ?

මොකද ? ඉහත සිදුවීම් වල වගේ ඔවුන්ගේ අදහස් බොහෝවිට, ඒ ඒ අවස්ථාවට සහ ඔවුන්ට ඔබෙන් ලැබෙන දේ අනුව වෙනස්වෙන නිසයි.

හිතන්න. තේ කෝප්පෙකට මැස්සෙක් වැටුනොත් අපි මැස්සත් එක්කම තේ කෝප්පය ඉවත දමනව. නමුත් ගිතෙල් භාජනයකට මැස්සෙක් වැටුනොත් අපි මැස්සව විතරක් ඉවත් කරනව.

ඒ තේ වලට වඩා ගිතෙල් වලට අපි ඉහළ වටිනාකමක් දෙන නිසයි.

හරියට ගොඩබිම සොයා එන මුහුදු රැළි වගේ ඒ නිසා ඔබත්, වැඩකට නැති කතා වලට සවන් නොදී සතුටින්, සිනහවෙන් ඔබේ අරමුණ කරා යාමයි වැදගත්.

එහෙම නේද ?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here