Google search engine
Home ගොසිප් පුවත් සැමියාට නිදිපෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාව

සැමියාට නිදිපෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාව

0
7

maskeliya-incident

විවාහක සැමියාට නිදිපෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත්  අධිකරණයට හමුවට (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කරන ලදී.
මෙසේ රක්ෂිත භාරයට පමුණුවා ඇත්තේ, 26 හැවිරිදි කාන්තාවකි.

නිඳි පෙති පානය කළ බව කියන සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් (13) දා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත (14) දා මාරු කර ඇත.
මෙම සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරමින් සිටිති. සැමියා නිඳන්ගත අපස්මාර රෝගය සඳහා ප්‍රථිකාර ලබමින් පසුවෙන අයෙකි. මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නිල නිවාසයකය.
අප්‍රේල් මස (13)  වන දින  නියමිත වැඩ මුරය නිමා කර නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන අනියම් සැමියා යැයි කියන අයට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

(14) වන දින  සැමියා සේවය සඳහා යාමට අවදි නොවූ නිසා බියවී සැකකාර කාන්තාව මස්කෙළිය රෝහලේ කාර්ය මණ්ඩලය වෙත පවසා ඇත්තේ තම ස්වාමියාට ෆිට් එක සෑදී කලාන්තයෙන් පසුවන බවය. අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය වහා රෝගීව සිටි සැකකාර කාන්තාවගේ සැමියා මස්කෙළිය රෝහල වෙත රැගෙන විත් ප්‍රතිකාර ලබාදෙන අතරතුර එම රෝහලේම සේවය කරන අනියම් සැමියා යැයි පැවසෙන අය රෝගියා  අසලට පැමිණ  වෛද්‍යවරුන්ගෙන් විමසා ඇත්තේ මොහු ෆිට් එකට බොන බෙහෙතට අමතරව වෙනත් බෙහෙතක් පානය කර තිබේද? කියාය. ඒ සම්බන්ධයෙන් සැක සිතූ මස්කෙළිය රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීව සිටි පුද්ගලයා වහා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත යවා ඇත.
දික්ඔය මූලික රෝහලේ දින 04 ක කාලයක් නේවාසිකව ප්‍රථිකාර ලබාගෙන ඇති සැකකාරියගේ සැමියා නිවසට පැමිණිමෙන් පසුව  රෝගී පුද්ගලයාගේ පියා,  තම පුත්‍රයාගේ බිරිඳ විසින් නිඳිපෙති කිරි තේ එකට කළවම් කර තම පුත්‍රයාට පානය කිරීමට දී ඇති බවත්,  එම නිසා පුත්‍රයා රෝගී වී ඇති බවත් පවසමින් මස්කෙළිය පොලීසියට පැමිණ්ලල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර සිටි සෞඛ්‍ය කාර්ය සහයකගේ රුධිර සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 319 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීමේ අදහසින් වස හෝ විෂ ද්‍රව්‍යක් දී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ සැකකාර කාන්තාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
මස්කෙළිය පෙලීසියේ ස්ථානාධිපති එස්.ඒ. සරත් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් චන්ද්‍රෙස්න (28115) මහතා සැකකාර කාන්තාව අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here