පෙම්වතියගේ නිවසට ගොස් යළි නාව තරුණයාගේ සිරුර හමුවෙයි – Saru News Media දේශීය පුවත්

0
5

කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී සිරුර හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවසට නොපැමිනීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කර තිබුණා.

දින 12කට වැඩි කාලයක් තරුණයා සෙවීම සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකෙරුණු අතර පෙම්වතිය ඇතුළු නිවසේ සාමාජිකයින් ද එම ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකළ අතර ඒ අනුවයි තරුණයාගේ සිරුර හලාවත මාදම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී තිබෙන්නේ.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබුණා.

එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා නියෝගය කර ඇත්තේ සැකකරු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ සුජිත් ප්‍රනාන්දු නොහොත් “සිඟිති” නමැති පුද්ගලයෙකි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ සුසිත ජයවංශ නමැති තරුණයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්වුණා.

ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබුණා .

එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වූ බව පොලීසිය ප්‍රකාශ කළා

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here