සිංහල ජනාවාසවලට අල්ලා ගත් වන්නියේ භුමිය ඉල්ලා යාපනයේ විරෝධතා

0
11

ශ්‍රී ලංකා රජය මහවැලි සංවර්ධනය ව්‍යාපෘතියේ නාමයෙන් සිදු කරන ඉඩම් ආක්‍රමණය වහා නවතා, වන්නිවාසි දෙමළ ගම්වැසියන්ට දශක හතරක්

තිස්සේ අහිමිකර තිබෙන ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ආපසු ලබා දෙන ලෙස බලකරමින් යාපනයේ දී උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මුලතිව් සිට බස් රථ දෙකකින් මැයි 8 වැනි බදාදා යාපනයට පැමිණි සියයකට වැඩි දෙමළ ජනතාවකගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට දී මෙම විරෝධතාවය දියත් වු බවයි.

“අපිට යුක්තිය ඕනෑ,“ යනුවෙන් සදහන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් දියත් කළ උද්ඝෝෂණය සදහා මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් හයක නියෝජනයක් සහිත ගම්වැසියන් 120 ට වැඩි පිරිසක් එක්ව තිබුනි.

 

විරෝධතාවය අතරතුරදී යාපනයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කොක්කුතොඩුවායි, ගොවි ජන සංවිධානයේ සභාපති සින්නපිල්ලෙයි සිවගුරු අවධාරණය කළේ යුද්ධයෙන් දිවි ගලවා ගැනීමට 1984 වසරේ උන්හිටි තැන හැර පලාගිය තමන් ඇතුළු අවට ගම් වාසීන් යලි සිය මුල් ගම් බිම් වෙත මීට වසර 11 ට පෙර පැමිණෙන විටත් ආණ්ඩුව විසින් එම භුමිය මහවැලි එල් කලාපයට ඇතුලත් කර සිංහල ජනතාව පදිංචි කර තිබු අතර, තම ඉඩම් තවමත් නිදහස් කර නොමැති බවයි.

 

“අපි 84 දී අනාථ වෙලා 2013 දී නැවත පදිංචි කරා. එදා අපේ ඉඩම් සියල්ලම මහවැලි එල් කලාපයට ඇතුල් කරලා තිබුනා. කුඹුරු ඉඩම්වල ගොවිතැන් කරන්න අපිට අනුමැතිය දුන්නේ නැ. අපේ ඉඩම් මහවැලි එල් කලාපයට ඇතුල් කරලා අක්කර 25ක් බැගින් සිංහල ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තිබුනා. අපේ ඉඩම් එළිකරන්න උත්සාහ කරොත් අපිට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. නමුත් සිංහල ජනතාව අපේ ඉඩම් එළිපෙහෙළි කරද්දී බලධාරීන් ක්‍රියා කරන්නේ ඔවුන්ට හිතකර විදිහටයි. අපි ළඟ බලපත්‍ර තිබුණත් රජයේ දෙපාර්තමේන්තු අපට විරුද්ධව කටයුතු කරනවා. නැවත පදිංචි කරපු දිනයේ ඉදලම මේ ගැටළු  දිගටම තියනවා.”

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන්නේ  1984 වසරේ දී රජයේ යුද හමුදාව සිය ගම්බිම් අතහැර යන්නට දෙමළ ජනයාට බල කරන විට මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් හයක පුද්ගලයන් සිය ගණනකට වගා කටයුතු සඳහා භාවිත කළ ඉඩම් අක්කර තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් හිමිව තිබු බවයි.

ඒ බැව් 2018 වසරේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළත් දෙමළ ජනයාට එම ඉඩම් ආපසු ලබා දී නොමැති බව ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

“2018 ජූනි 25 වැනි දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් වාර්තාවේ පුද්ගලයන් 625 දෙනකුට අයත් ඉඩම් අක්කර 2919 ක් තිබෙන බව පෙන්වලා දුන්නා. ඒත් ඒ මිනිස්සුන්ට අද ඒ ඉඩම් නැහැ. නමුත් සිංහල ජනතාව මහවැලි අධිකාරියේ උදව්වෙන් ඉඩම් එළිපෙහෙළි කරලා වගා කරනවා.”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම පුද්ගලයන් 625 න් 120 ට වැඩි පිරිසක්  මැයි 8 වැනිදා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී දියත් කළ විරෝධතාවයට එක්ව සිටි බවයි.

විරෝධතාකරුවන් එහිදී අවධාරණය කර තිබුනේ තමන් සිය මුල් ගම් බිම් වල යළි පදිංචි වීමෙන් පසුව ගෙවී ගිය වසර 11 ට ආසන්න කාලය තුලදී සිය ඉඩම් ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙන්ම එයට අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලටද අවස්ථා ගණනාවකදීම ඉල්ලා ඇතත් විසඳුම් නොලැබිම හේතුවෙන් විරෝධතාවය දියත් කිරීම වෙනුවෙන් යාපනයට පැමිණි බවයි.

සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත බාර දීමටත් උද්ඝෝෂකයන් කටයුතු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 

දෙමළ ජනතාව සිය පාරම්පරික වාසභූමිය ලෙස උරුමකම් කියන මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොක්කුතොඩුවායි උතුර, මධ්‍යම, දකුණ, කරුනාට්ටුකේනි, කෝකිලායි බටහිර, කෝකිලායි නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්වල ජනයාගේ පාරම්පරික භුමිය පිහිටා ඇත්තේ  උතුරු නැගෙනහිර යාවෙන ප්‍රදේශය ඇතුළු කොටගෙන අසුව දශකයේ සිට පිහිටුවන ලද සිංහල ජනාවාසවලට යාබදවය.

 

එම සිංහල ජනාවාස පිහිටුවන ලද්දේ දෙමළ ජනඝාතන මාලාවකින් බව එවක පාර්ලිමේන්තුවේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ගම් වැසියන් පවසන පරිදි 1984 දෙසැම්බර් 02 දින නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැදවා වෙඩි තබා ඝාතනය කළ රජයේ යුද හමුදාව සිය ගම්බිම් අතහැර යන්නට දෙමළ ජනයාට බල කර තිබේ. ඒ එම ගම්මාන වල එල්.ටී.ටී. ඊ සාමාජිකයන් සැඟවී සිටින බවට ජනතාව බිය ගන්වමිනි.

එම අමිහිරි අතීත මතකය සුන්දරම්පිල්ලේ තංගම්මා මාතාව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට දී මැයි 8 වැනිදා සිහි ගැන්වුයේ පහත අයුරිනි.

“1984 දෙසැම්බරයේ සිංහල ආණ්ඩුව විසින් අපව සැලසුම්සහගතව නෙරපා හැරියා. කාල සීමාව දින තුනක් බව ඔවුන් කීව්වා. අපි ඔබට දින තුනකින් ආපසු යාමට ඉඩ දෙනවා. අපි විමුක්ති කොටි හොයන්න යනවා. අපි විස දුම ගහන්න යනවා. වහාම එන්න කියලා වාහනයකින් නොමිලේම අපිව මුලතිව්වලට එක්කන් ගියා. දවස් තුනක් කියලා කියපු ආණ්ඩුව අවුරුදු 30කට පස්සේ තමයි අපිව නැවත පදිංචි කළේ.”

ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.

කෝකිලායි, තෙන්නමරවාඩි, අමරවයල්, කොක්කුතුඩුවායි, අලම්පිල්, නයාරු, කුමුලමුනෙයි සහ මනලාරු ප්‍රහාරයට ලක්වූ අනික් දෙමළ ගම්මානයි.

 

මෙම  සමූහ ඝාතන සමයේ ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දුන්නේ පසුව මේජර් ජනරාල් පදවි ලද බ්‍රිගේඩියර් ජානක පෙරේරාය. ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනාවාසයක නම ජානකපුරයි.

 

තම මුල් ගම්බ්ම් අත්හැර යාමට බල කෙරුනු  කොක්කිලායි, කොක්කුතොඩුවායි සහ කරුනාට්ටුකේනි ග්‍රාමසේවා වසම් වල දෙමළ වැසියන් යුද්ධය නිමා වීමෙන් පසු 2010, 2011 සහ 2012, 2013 යන වසර වල  ආපසු  තමන් පදිංචිව සිටි මුල්  භුමිය නවාතැන් කරගත්තත් තමන් පෙර වගා කටයුතු වල යෙදුන අක්කර 3000 ට ආසන්න භුමියේ වගා කටයුතු සදහා යුද හමුදාව, වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව සහ  මහවැලි සංවර්ධන අධිකාරිය බාධා පැමිණ වු බව ඔවුන් මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබුනි.

එවැනි පසුබිමක් තුළ 1984 වර්ෂයෙන් පසුව එම ඉඩම් තුළ වගා කටයුතු කිරීම වෙනුවෙන් තමන්ට කිසිම අවස්ථාවක් හිමි නොවු බවයි ගම් වැසියන් අවධාරණය කරන්නේ.

මහවැලි සංවර්ධන අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා  වනජීවි දෙපාර්තමේන්තු  උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට දිගින් දිගටම චෝදනාවට ලක්ව සිටී.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් 2023 මැයි මාසයේදී සදහන් කර තිබුනේ   උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටීම සම්බන්ධයෙන් දෙමළ ජනතා නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේදී  1985 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවැති සිතියමට අනුව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිවරයා පැවසු බවයි.

land 98232

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here