සුන්දර බඹරකිරිඇල්ල දිය ඇල්ල සංචාරකයින් නිසා විනාශ මුඛයේ

0
15

මාතලේ රත්තොට, රිවස්ටන් මාර්ගයේ බඹරකිරිඇල්ල නැරඹීමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට බඹරකිරිඇල්ල ප්‍රදේශයේ දැඩි පරිසර හානියක් සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සිට නකල්ස් පිටවල පතන නැරඹීම සඳහා, මාතලේ සිට රත්තොට මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයින් බොහෝ විට මෙම බඹරකිරිඇල්ල නැරඹීමට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම දිය ඇල්ල ඇති ස්ථානයෙහි ඇති අනතුරුදායක තත්ත්වය පැහැදිලි කරමින් පුවරුව ප්‍රදර්ශනය කර තිබුණද ඒවාද මේ වන විට විනාශ වී තිබෙනවා.

සංචාරකයින් විසින් ඇල්ලේ සුන්දරත්වයටද හානි සිදු කරමින් මත්පැන් බෝතල්, පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිමද සිදු වන බවයි ගම්වාසීන් පවසන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here