සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අපේ අරමුණයි – විපක්ෂ නායක – Saru News Media දේශීය පුවත්

0
11

සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව රජරට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

රටේ අධ්‍යාපනය දියුණු කිරීමට පියවර ගන්නා සෑම අවස්ථාවකම ඊට එරෙහිව වර්ජන,  උද්ඝෝෂණ සිදුකරන සියලු දෙනාගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික පාසල් මෙන්ම විශ්වවිද්‍යාලවල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අනුරාධපුර තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකළා.

සුහුරු පන්තිකාමර ලබාදීමේ 175 වන අදියර ලෙස මෙය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්.

පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇදුම් ලබාගැනීම සදහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීම ද මෙහිදී සිදුකෙරුණා.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here