සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීමෙන් ඇත්තටම ජීවිතේට මග ඇරෙන්නේ මොනවද? – Saru News Media

0
10

අපි ඇත්තටම දැන් ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයක. හා නැද්ද? අපි ගොඩක් වෙලාවට උදේ නැගිටලා ඔක්කොටම කලින් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක. ඒක අතට අරගෙන අපි වැඩියෙන්ම ඉන්න සෝෂල් මීඩියා එකට ගිහිල්ලා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන එක. ඒ වගේම නින්දට යන්න කලින් අන්තිමට කරන්නෙත් ෆෝන් එක අරගෙන අපි කැමතිම සෝෂල් මීඩියා එකේ සැරිසරන එක, චැට් කරන එක. අපි දැන් පොත් පත් කියවන්නෙත් නෑ, නිව්ස් බලන්නෙත් නෑ. අපි එක එක ජාතියේ පොත් තියෙනවා කියලා සෝෂල් මීඩියා වලින් දැනගන්නවා. අපි රටේ ලෝකේ වෙන්නෙ මොනවද කියන එකත් සෝෂල් මීඩියා වලින්ම දැනගන්නවා. හැබැයි ඇත්තටම මෙහෙම සෝෂල් මීඩියා වලම ජීවත් වෙනකොට අපිට අතපහු වෙන, මග ඇරෙන දේවල් තියෙනවද? ඇත්තටම තියෙනවා. අන්න ඒවා මොනවද කියලා හොයලා බලමු. එතකොට අපිට හිතාගන්න පුළුවන් මුළු දවසම ෆේස්බුක් එකට හරි ඉන්ස්ටග්‍රෑම් එකට හරි ට්විටර් එකට හරි වෙලා ඉන්න එක ඒ මිස් වෙන දේවල් එක්ක බලනකොට වටිනවද නොවටිනවද කියලා!

 

මේක ටිකක් විමසිල්ලෙන් කියවන්න ඕන කාරණාවක්. දැන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වල හැම ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක්ම, රේඩියෝ නාලිකාවක්ම, පත්තරයක්ම, වෙබ් අඩවියක්ම අප්ඩේට්ස් දෙනවා. ඒවත් හරි නිව්ස් තමයි. හැබැයි අපි කියන්නේ එව්වා ගැන නෙවෙයි. මිනිස්සු විසින් ෂෙයාර් කරන නිව්ස් ගැන. විශේෂයෙන්ම ඔය සෝෂල් මීඩියා සෙලිබ්‍රිටිලා විසින් ෂෙයාර් කරන නිව්ස්, නිව්ස් තියෙන මීම්ස් එහෙම සෝෂල් මීඩියා වල ඉන්න අය හරියට විශ්වාස කරනවා. හැබැයි ඒවා ගොඩක් දුරට ෆේක් වෙන්න පුළුවන්. 

අන්න ඒ නිසා සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම නිසා ඇත්ත නිව්ස් මිස් වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක්. සෝෂල් මීඩියා වල නැතත් එක නිව්ස් චැනල් එකක් හරි එක පත්තරයක් හරි බැලුවා කියලා රියල් නිව්ස් ලබාගන්නත් බෑ. හොඳම දේ තමයි සවිඥාණිකව නිව්ස් බලන එක සහ නිව්ස් මූලාශ්‍ර කීපයක් බලන එක.

 

මේකත් උඩ කතන්දරේ වගේම තමයි. දැන් ඔය සෝෂල් මීඩියා වල ඉන්නවා ඉන්ෆ්ලුවන්සර්ස්ලා. ඒ අය යම් යම් හේතු නිසා යම් යම් කාරණාවන් සමාජගත කරනවා. දැන් ඔය ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල ඉන්න ඉන්ෆ්ලුවන්සර්ලා නොවෙන ඈයෝ කරන්නේ එහෙම කෙනෙක් කියන දෙයක්, පළ කරන මතයක්, ඔපීනියන් එකක් ගෙඩිය පිටින් ගිලින එක. හැබැයි එතනදී ගොඩක් වෙලාවට තමන්ගේ මතයක් නිර්මාණය වෙන්න ඉඩක් නෑ. අඩු ගාණේ සෝෂල් මීඩියා වල හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඔය මතය නිර්මාණය වෙන්න පාදක වුණු සිදුවීම ඇත්තද බොරුද කියලා හොයාගන්නවත් වෙලාවකුත් නෑ.

අන්න ඒ නිසා සෝෂල් මීඩියා වලට එලියෙන් හිටියොත්, දෙයක් වුනා කියපු ගමන් ගිලින්න කලින් ඇත්ත නැත්ත හොයාබැලුවොත්, තමන්ගේම ඔපීනියන් එකක් මුලින්ම නිර්මාණය කරගන්න වැඩි අවකාශයක් ලැබේවි.

 

මේක ඇත්තටම සෝෂල් මීඩියා නිසා නාස්ති වෙන කාලයත් එක්ක බැඳුණු දෙයක්. දැන් කාලේ රස්සාවක් ගත්තත් බොහොම තරගකාරීයි. පාසල් අධ්‍යාපනය අවසන් කළා කියලා, ඩිග්‍රියකුත් ගත්තා කියලා විතරක් රස්සාවක ඉහළට යන්න බෑ. ඊට වඩා කොලිෆිකේෂන් දියුණු කරගන්න ඕන, නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. අන්න ඒ වැඩේට ඇත්තටම ඔන්ලයින් වුණත් ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ඉතින් ඒ තැන් හොයාගත්තත්, එහෙම තැනකින් දෙයක් ඉගෙන ගන්න පොඩි හරි කාලයක් කැප කරන්න ඕන. හැබැයි තමන් ඔන්ලයින් ඉන්න වෙලාවම ගත වෙන්නේ සෝෂල් මීඩියා වලට නම්, එහෙම අමතරව ඔන්ලයින් ඉගෙන ගන්න එක ගැන හිතලා වැඩක් නෑ!

 

අර කීමට කියනවනේ මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක් පිස්සෝ වගේ රේස් එකක දුවනවා කියලා. ඉතින් ඇත්තටම ඒක බොරුවකුත් නෙවෙයි. අන්න එහෙම ජීවිතයක් පොඩ්ඩක් හරි බැලන්ස් වෙන්න නිස්කලංක වෙලාවක් අවශ්‍යයි. ඒ කියන්නේ නිදහසේ පොතක් කියවන්න, නිදහසේ තේ එකක්, කෝපි එකක්, බියර් එකක් බොන්න, නිදහසේ එළිපහළියෙන් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්න. ඔන්න ඔය වගේ නිස්කලංකව ඉන්න වෙලාවක්. හැබැයි සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙම නිස්කලංකව නිදහසේ ඉන්න කියලා වාඩි වෙන වෙලාවකදී වුනත් කරන්නේ ෆෝන් එක අතට අරන් ෆේස්බුක් යන එක. නින්දට යන්න ඇඳට ගියත් කරන්නේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් යන එක. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here