ගූග්ල් පොටෝස් (Google Photos) නොමිලේ පාවිච්චියට වැට බැඳෙන ලකුණු – Saru News Media

0
6

ගූග්ල් කියන්නේ සේවාවන් පටන් ගන්න වගේම එකපාර අවසන් කරන්නත් ජනප්‍රිය ආයතනයක්. ගූග්ල් හැන්ග් අවුට් ගූග්ල් ප්ලස් ඒ විදිහට අවසාන වුණ ව්‍යාපෘති. දැන් ගූග්ල් පොටෝස් වලටත් සීමාකිරීම්, අයකිරීම් ඇවිල්ලා. 2015 දි තමයි ගූග්ල් පොටෝ හඳුන්වා දුන්නේ. ඒ හරහා ෆෝන් එකෙන් සහ වෙනත් ඩිවයිස් වලින් කෙලින්ම පොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් උනා ගූග්ල් පොටෝස් හරහා ක්ලවුඩ් එකට.  

 

දැන් ඇවිත් තියෙන වාර්තා අනුව 2021 ජුනි 1 වෙද්දි ගූග්ල් පොටෝස්, ගූග්ල් මේල්, ගූග්ල් ඩ්‍රයිව් ඔක්කොම වල එකතුව ගිගා බයිට් 15ක උපරිමයකට දැඩිව යටත් කරනවා. ඒ වගේම දැනට අප්ලෝඩ් කරන පොටෝ වල රෙසලූෂන් අඩු වෙලා අප්ලෝඩ් වෙන පහසුකමත් ගූග්ල් වෙතින් ඉන් පස්සේ ඉවත් වෙනවා. දැනට තියෙන විදිහට ලංකාවේ අපිට නම් ගූග්ල් ගබඩා කිරීමේ පහසුව අමතර ගිගා බයිට් සීයක් දක්වා මසකට රුපියල් තුන්සියයකට මිලදී ගන්නට පුළුවන්. ගිගා බයිට් දෙසීයක් නම් රුපියල් 475ක මිලක් වෙනවා. අන්තර්ජාතික මට්ටමේදී මේ මුල්ම ගිගාබයිට් 100 ඇක්සස් කරන්න නම් ඩොලර් 1.99ක් ගෙවන්නට වෙනවා. 

 

ගූග්ල් පොටෝ වලදි අනෙක් සේවාවන් හරහා ක්ලවුඩ් වලට පොටෝ අප්ලෝඩ් කරනවාට වඩා වෙනස් විශේෂ වාසි ලැබෙනවා. ගූග්ල් පොටෝස් වල අපිට ආ ගිය තැන් අනුව පොටෝ හොයාගන්න පුළුවන්. ඒ වගේම පොටෝ වල ඉන්න යාළුවන්, පවුලේ අයව අපි එක වරක් නම් කළොත්, ඉන්පස්සේ ගූග්ල් මගින් ඒ පුද්ගලයින් ඉබේම හඳුනාගන්නවා. මෑතකදී හඳුන්වාදුන් සතුන් හඳුනාගැනීමේ පහසුකම නිසා අපේ පොටෝවල සිටින බල්ලන්, පූසන් වගේ සුරතල් සතුන් ඇතුළත් පොටෝ වෙනමම ෆිල්ටර් කරගන්නත් පුළුවන්. මේ විදිහේ පොටෝ හොයාගන්නට ගූග්ල් ඩ්‍රයිව් නිසා පහසුයි.

 

තැනකට අපි ගියොත් ඒ තැන අපේ පොටෝ අප්ලෝඩ් කරන්න හැකියාව ගූග්ල් මැප් හරහා අපිට ලැබෙනවා. පොටෝස් වලින් අපිට වෙනම පොටෝ ඇල්බම් හදලා තියාගන්නත් පුළුවන්. අපේ යාළුවන්ට ඊමේල් එකක් තියෙනවා නම් අපේ පොටෝ හරිම ලේසියෙන් එකිනෙකා අතර හුවමාරු කරගන්නත් පොටෝස් ඇල්බම් වලින් පුළුවන් වෙනවා.

 

ගූග්ල් පොටෝස් හරහා පොටෝ ඇතුළත් කිරීමේදී සාමාන්‍ය මට්ටමේ පොටෝ වැඩිදියුණු කිරීමක් කරගන්නත් පුළුවන්. ඔයාල දන්න විදිහට ඉන්ස්ටග්‍රෑම් වලදි පුළුවන් පොටෝ වලට ෆිල්ටර් දාන්න. ඒ විදිහට ගූග්ල් වලත් ෆිල්ටර් දාලා, කලර් ටිකක් ගාණකට බැලන්ස් කරගන්න පුළුවන්. පොටෝ කපලා, හැඩ දමලා ගාණට පිළිවෙලට තියාගන්නත් මේ ගුග්ල් පොටෝ වලින් තල්ලුවක් ලැබුණා. හුදෙක් ස්ටෝරේජ් එකක පොටෝ දානවාට වඩා සිම්පල් එඩිටින් වැඩ කරගන්න පුළුවන් එක පොටෝස් වලට ලැබුණ වාසියක්. අපි සරලව හිතුවොත් අපි ෆෝන් එකෙන් පොටෝ ගත්තා නම්, ඉන් පස්සෙ ඒවා පොටෝස් හරහා ගූග්ල් වලට ගියාට පස්සෙ ලැප්ටොප් එකෙන් ලොග්වෙලා වුණත් අපේ පොටෝ සරළ මට්ටමින් එඩිට් කරගන්න පුළුවන් වෙනවා. එදිනෙදා නිතර පොටෝ ගහන, මතක සටහන් විදිහට වීඩියෝ තියාගන්න අයට ගූග්ල් පොටෝ වලින් ලබාදුන්න පහසුකම වටින එකක්. අවුරුදු අනුව වෙන්කරලා අපිට අවශ්‍ය නම් ඇල්බමුත් කරලා තියාගන්න පුළුවන් නිසා ගූග්ල් පොටෝ ජනප්‍රිය වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here