හතලිස්දාහට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ​ම ෆෝන්ස් 7ක් – Saru News Media

0
13

ඇත්තටම දුරකථ​නයක් කියන දේ දැන් මූලික මිනිස් අවශ්‍යතාවයක් තරමට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙන කාලෙක තමයි අපි මේ සම්බන්ධයෙන් කතා බහක් දාන්න හිතුවේ. හරි නම් මේවා ලිය ලිය ඉඳල හරියන්නේ නෑ ඔක්කොමල පාරට බැහැල ආණ්ඩුවට බල කර​ල කියා සිටින්න ඕනේ දුරකථනය මූලික මිනිස් අවශ්‍යතාවයක් විදිහට ගැසට් කරන්න කියල. 😀 එහෙම නැතුව කොහොමද, 1992 දී 2,644 ක් හිටපු ජංගම දුරකථන පරිශීලකයන් ගා​ණ 2019 වෙද්දී 33,463,471 ක් උනාම. හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ. අන්න ඒ විදිහට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන ජංගම දුරකථනය කියන උපකරණයත් ඔන්න ඔය කිව්වා වගේ කලානුරූපිව දියුණු වෙලා තියෙනවා සහ අපිට හිතාගන්න බැරි වෙලා තියෙනවා ඉස්සරහට ඕකට දත් මදින උපකරණයක් කුඩා ගෑස් උදුනක් වගේ දෙයක් එහෙමත් එකතු වෙයිද කියල. කොහොමහරි කමක් නෑ අද වෙද්දී ජංගම දුරකථ​නයක් ගනිද්දී බලන්න තියෙන අටෝරාසියක් දේවල් සලකල බලල රුපියල් හතලිස්දාහට අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆෝන් හතක් අපි ඔන්න හොයල දෙනවා. ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට ඔයාට තෝරාගන්න පුළුවන් ඒ හතෙන් එකක්.  

 

 

ගෙවන මුදලට ඉතාම වටිනා ෆෝන් එකක් කියල බය නැතුව කියන්න පුළුවන්. මේකේ විශේෂ දේවල් ගැන කිව්වොත් මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2019 සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ ගොඩක් ලඟදි තමයි මේක එලියට දාල තියෙන්නේ. අනිත් දේ තමයි මේකේ කැමරා සිස්ටම් එක. Quad කැමරා සෙටප් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ කැමරා හතරක් තියෙන සෙටප් එකක්. කැමරා කොලිටි එකත් ගොඩක් හොඳ තත්ත්වෙක තියෙන බව කියන්න පුළුවන්. ඇත්තම කතාව මේ ගා​ණට අපිට High End ෆෝන් එකක කොලිටි එක ගන්න අමාරුයි. නමුත් ගොඩක් හොඳ කොලිටි එකක් තියෙනවා. අනිත් එක මේකේ චිප් සෙට්  එක ඉතාම හොඳ කොලිටි චිප්සෙට් එකක්. Gaming වලටම හදපු ෆෝන් එකක් නිසා ඕන ඇප් එකක් ස්මූත් රන් කරන්න පුළුවන්. බැටරි ලයිෆ් එකත් සුපිරි. Fast Charging පහසුකමත් ඇතු​ළත්. Infrared Port එකකුත් තියෙන නිසා රිමෝට් කොන්ට්‍රෝලර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.  මේකේ තව ගොඩක් හොඳ දේවල් ඇතු​ළත් කරලා තියෙනවා. පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳ අදහසක් ගන්න පුළුවන්.

නිගමනය: ගෙවන මුදලක ලැබෙන ඔප්ෂන් ඉතාම සතුටුදායකයි. ඉහළින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්.

 

 

ෆෝන් එකේ පෙනුම ඉතාම ලස්සන ෆෝන් එකක් තමයි මේ. ඊට අමතරව ස්ක්‍රීන් එකේ කිසිම නොච් එකක් දකින්න නෑ. සම්පුර්ණ ස්ක්‍රීන් එකම ඩිස්ප්ලේ වෙනවා සහ මේකේ සෙල්ෆි කැමරා එක පොප් අප් කැමරා එකක් විදිහට තමයි හදල තියෙන්නේ. ඒක 16mp  විදිහටත් පිටිපසේ මේන් කැමරා එක 16mp එකක් විදිහටත් තව 8mp Ultra Wide කැමරා එකකුත් විශේෂයෙන් දකින්න පුළුවන්.  මේ ෆෝන් එකට එන්නේ 4gb RAM එකක්. ඒක නම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත් ඇප් ටික රන් කරගන්න ප්‍රමාණවත් කියන්න පුළුවන්. 

නිගමනය: ගොඩක් වැඩකෑලි තියෙන ෆෝන් එකක්. අඩුම මිලට ගන්න තියෙන පොප් අප් කැමරා එකක් තියෙන ෆෝන් එක. සාමාන්‍ය පාවිච්චියට හොඳයි.

 

 

ගොඩක් ජනප්‍රිය ෆෝන් බ්‍රෑන්ඩ් එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. Samsung කියන්නේ සාමාන්‍යයෙන් Flagship Device මාර්කට් එකට එවනවා වගේම Mid-Range එක ගැනත් ගොඩක් හිතන කොම්පැණි එකක්. එයාලගේ A Series එකේ හොඳ මොඩල් එකක් තමයි සැම්සන්ග්  A50 කියන්නේ. මේකේ තියෙන විශේෂ දේවල් ගැන කිව්වොත් මේකේ Finger Print Scanner එක ඩිස්ප්ලේ එක මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක   මේ ෆෝන් එකේ Built Quality එක ඉතාම හොඳ තත්ත්වෙක තියෙනවා. ඊටත් අමතරව සිම් දෙකක් එක්ක මෙමරි කාර්ඩ් එකකුත් ඇතු​ළත් කරන්න පුළුවන් හැකියාව ලැබිල තියෙනවා මේ ෆෝන් එකට. 6gb RAM එකක් වගේම 64gb ධාරිතාවක් එක තමයි මේ ෆෝන් එක එන්නේ. මේකේ කැමරා තුනක සෙටප් එකක් තමයි තියෙන්නේ. ප්‍රධාන කැමරාව 25mp විදිහටත්  8mp Ultra wide කැමරා එකකුත් 5mp තවත් කැමරාවකුත්, 25mp සෙල්ෆි කැමරා එකකුත් විදිහට  තමයි සෙටප් කරලා තියෙන්නේ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here