හපුතලේ සහ බෙරගල අතර රිය ධාවනයේදී ප්‍රවේසම් වන්න – Saru News Media දේශීය පුවත්

0
12

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී  ඊයේ දින  දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

අද පෙරවරුවේ ද මෙම  මාර්ග කොටසට පැවැති වර්ෂාව  සමඟ ගල් පර්වත පෙරළී එක්  මන්තීරුවක් අවහිර වී තිබූ අතර  ඊට මීටර් කිහිපයක්  නුදුරින්    රාත්‍රී  ගල් පර්වත  කීපයක් පස් සමග පෙරළී එක් මං තීරුවකට වැඩි  කොටසක් අවහිර වී ඇති බව ඒ මහතා පැවසීය.

මේ වනවිට ගල් පෙරළීමේ අවදානම ඝන මිහිදුමක් ද සහිතව පවතින බැවින් මාර්ගයේ භාවිතා කිරීමේදී විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව රිය පැදවිය  යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය   මහතා වැඩිදුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here