හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ ඔත්තුකරු කොටුවෙයි | Saru News Media

0
11

දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව 2024.05.03 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දිඹුල්දුව, වෙනමුල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14, මිලි ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පොඩි සුදූ නම් අනුවර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලියට භාරදී ඇති අතර වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙන්නේ මෙම පුද්ගලයා රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරිම සදහා ඔත්තු බලා ඇති බවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව අත්අඩංගුවට ගත් එම සැකකරු දැනුම් දී තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here