හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
14

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු කරන ලද වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙහිවල, කරගම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා තලංගම පොලීසිය විසින් කොස්වත්ත රෝහල ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 සහ 49 යන වයස් කාණ්ඩවල පසුවන දෙහිවල සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.   
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here