ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලාද? වහාම ඒ ගැන දැනගන්න! – Saru News Media

0
7

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොඩක් නව තාක්ෂණ මෙවලම් කාලයක් තිස්සේ සංවර්ධනය වෙලා, තාක්ෂණිකව පරිණාමය වෙලා තමයි ලෝකෙට එන්නේ. හැබැයි ෆේස්බුක් කියන්නේ ඊට සෑහෙන්න වෙනස් නිර්මාණයක් කියන්න පුලුවන්. ෆේස්බුක් එකට කලින් සමාජ මාධ්‍ය විදියට හඳුන්වන්න පුලුවන් විවිධ ප්ලැට්ෆෝම් ලෝකේ තිබුණා. හැබැයි 2004 මුල ආරම්භ වුණු ෆේස්බුක් එක මුලින්ම හාවර්ඩ් සරසවියේ ඉගෙන ගන්න අයට විතරයි විවෘත වුණේ. හැබැයි ඉක්මනටම ෆේස්බුක් එක මෙතනින් එහාට, තවත් සරසවි වලට පැතිරුණා. ඒ වේගය දෙගුණ තෙගුණ වෙමින් ෆේස්බුක් ඉක්මනටම ලෝකය පුරාම පැතිරුණා. අද වෙනකොට, මාකටින් ගැන ඉගෙනගන්නකොට පවා ෆේස්බුක් හරහා සිද්ධ වෙන මාකටින් ගැන ළමයි වෙනම ඉගෙන ගන්න තරමට ෆේස්බුක් කියන්නේ ලෝකේ කොටසක් වෙලා තියෙනවා.

 

හැබැයි ෆේස්බුක් මේ විදියට ලෝකේ කොටසක් වෙනකොට, ඒකත් එක්ක යම් යම් නරක දේවලුත් ඇතිවෙලා තියෙනවා. නිදසුනක් විදියට ගත්තොත්, මේ වෙනකොට ෆේස්බුක් එකට මිනිස්සු භයානක විදියට ඇබ්බැහි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසාම තමයි ෆේස්බුක් එකෙන්ම විශේෂාංගයක් හඳුන්වලා දීලා තියෙන්නේ, දවසකට ෆේස්බුක් එකේ ගත කරන කාලය සීමා කරන්න. ඒ කියන්නේ දවසකට පැයක් ෆේස්බුක් ඉන්නවා කියලා අපි සෙටින්ග්ස් හැදුවොත්, පැයක කාලය ඉවර වෙනකොට ෆේස්බුක් ඇප් එකෙන් අපිට දැනුම්දෙනවා. අන්න ඒ වගේ.

 

හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ෆේස්බුක් එකට දරුණු විදියට ඇබ්බැහි වෙලා ඉන්න සමහරුන්ට කිසිම අදහසක් නෑ තමන්ට එහෙම ඇබ්බැහියක් තියෙනවා කියලා. ඒ අය හිතන්නේ ඇබ්බැහි වෙන්න පුලුවන් මත්ද්‍රව්‍ය වලට, දුම්පානයට, සූදුවට වගේ දේවලට විතරයි කියලා. අන්න ඒ නිසා, අපි හිතුවා ෆේස්බුක් එකට ඇබ්බැහි වුණු කෙනෙක්ට තියෙන පොදු ලක්ෂණ කීපයක් ඉදිරිපත් කරන්න.

 

FB addiction symptoms

සාමාන්‍යයෙන් ජීවිතේ කිසිම දේකින් ලොකු සතුටක් ලැබෙන්නෙ නැද්ද? ගොඩක් වෙලාවට ඉන්නේ නෙගටිව් මූඩ් එකකද? හැබැයි ෆේස්බුක් එකට ගිහින් ඔහේ උඩ පල්ලෙහා යනකොට, එහෙම නැතිනම් ලයික් කමෙන්ට් කර කර ඉන්නකොට ජීවිතේ සතුට උදාවෙලා කියලා හිතෙනවද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට ෆේස්බුක් එක ඇබ්බැහියක් වෙලා කියන එක තමයි. ඒක හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේම තමයි. ජීවිතේ වෙනත් කිසිම දේකින් සතුටක් ලබන්න, මූඩ් එක ෆික්ස් කරගන්න බැරුව යනවා. තමන්ගේ ජීවිතේට සතුට ගේන, මූඩ් එක ෆික්ස් වෙන එකම දේ අර ඇබ්බැහි වෙලා ඉන්න ඩ්‍රග් එක විතරක් වෙනවා. ඒ කියන්නේ ඔයා ඇබ්බැහි වෙලා ඉන්න ඩ්‍රග් එක ෆේස්බුක් කියන එක තමයි.

 

FB addiction symptoms

සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් ෆේස්බුක් එකේ දවසකට සැරයක් පොඩි වෙලාවක් හරි ඉන්නවනේ. ඒක ඇබ්බැහියක් විදියට ගණන් ගන්න බෑ. හැබැයි ඇත්තටම ෆේස්බුක් එකේ ගත කරන කාලය අසීමාන්තික විදියට විශාලයි නම්, ඒ කියන්නේ පැය ගණන් වලින් ගණන් කරන්න පුලුවන් තරමට විශාලයි නම්, ඒ කියන්නේ ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එක. මේක ඇත්තටම කෙනෙක්ට නොදැනෙන්න තියෙන ඉඩ වැඩියි. හිතන්න, එක මොහොතකට පැය භාගය ගාණේ දවසකට හත් අට වතාවක් ෆේස්බුක් එකේ ඉන්නවා කියලා. ඒ අතරට ඔය විනාඩි පහ දහය ෆේස්බුක් යන එව්වත් තියෙනවා නම්, ඒ කියන්නේ දවසකට පැය හතරක් පහක් ෆේස්බුක් එකේ ඉඳලා. එතකොට අනික් අනිවාර්ය වැඩ වලට, නින්දට යන කාලයත් අතඇරියහම, ඇත්තටම අපිට වැඩ කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ පැය හතරක් පහක් තමයි. ආන්න ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ෆේස්බුක් එකට ඇඩික්ට් වෙලා!

 

FB addiction symptoms

අපි උඩ කිව්වනේ ෆේස්බුක් එකේ ඉන්න කාලය අතිශයින්ම වැඩි නම්, ඒ කියන්නේ ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එකයි කියලා. දැන් අපි හිතමු මෙහෙම ෆේස්බුක් එකට වෙලා පැය ගණන් හිටියට, ඇත්තටම කරන්නේ ෆීඩ් එකේ තියෙන දේවල් බලමින් ඔහේ පහළට පහළට ස්ක්‍රෝල් කරන එක කියලා, එතකොට පේන්න තියෙන අලුත් දේවල් ඉවර වුණහම පිස්සුවෙන් වගේ ෆීඩ් එක රීෆ්‍රෙෂ් කරනවා කියලා, ආන්න ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන්න තියෙන අනිවාර්ය ලක්ෂණ. ඇත්තටම මේ මයින්ඩ්ලස් ස්ක්‍රෝලින් කියන්නේ, නිශ්චිත අරමුණක් නැතුව, ෆේස්බුක් ෆීඩ් එකේ තියෙන දේවල් ඔහේ සොම්බියෙක් වගේ බලමින් ඉන්න එක.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here