20-20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇමරිකානු තානාපතිනිය හමුවෙයි (ඡායාරූප) | Saru News Media

0
10

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග්, ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබෙනවා.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ හමුව පිළිබඳව ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි.

එමෙන්ම ජුනි මාසයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් ජනපදයට යෑම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇත බව ද ඇය පවසනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here