SLT-MOBITEL විසින් බලගන්වන ලද SLIoT Challenge 2023 සාර්ථක ලෙස නිමාව දකී – Saru News Media | Sri Lanka Business News

0
15

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL බලගන්වන ලද SLIoT Challenge 2023 අවසන් මහා තරගය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඉංජිනේරු අංශ එක් වී මෙම තරගාවලිය සංවිධානයකරන ලදී.

මෙම තරගාවලිය, IoT ක්ෂේත්‍රය බලගන්වමින් එහි නවෝත්පාදන සහ තාක්ෂණික දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL විසින් ඉටුකරනු ලබන කාර්යභාරය මැනැවින් නිරූපණය කළ තරගාවලියක් විය. එහිදී ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන්ට තම පෙරළිකාරී සොයාගැනීම් හා නිර්මාණ රටට හඳුන්වා දීමට අවස්ථාව ලැබිණි.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහභාගී වූ අතර, SLT නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතා ප්‍රමුඛව තවත් SLT නියෝජිත පිරිසක් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණ අංශයේ මහාචාර්ය චන්දන ගමගේ මහතා ඇතුළු විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුක්කරන ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණ විද්‍යා අංශයේ ආචාර්ය කුටිල ගුණසේකර විසිනි.

SLIoT Challenge 2023 තරගාවලියේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ Maroons කණ්ඩායම සමත් විය. එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනාගන්නා ලද්දේ පිළිවෙළින් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහ විද්‍යාලයේ D Robotics and IoT කණ්ඩායම සහ මහනුවර Gateway College හි Phoenix කණ්ඩායම විසිනි. විශ්වවිද්‍යාල කාණ්ඩයේ ජය මොරටුව විශ්වවිද්‍යාලයේ Hydrolink කණ්ඩායම වෙත හිමි වූ අතර එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Impax කණ්ඩායම සහ Java Institute of Advanced Technology හි Hades කණ්ඩායම වෙත හිමි විය. විවෘත අංශයේ ප්‍රථම ස්ථානය Energetix කණ්ඩායම විසින්ද, දෙවැනි ස්ථානය Agrifue කණ්ඩායම විසින්ද, තුන්වැනි ස්ථානය Rysera කණ්ඩායම විසින්ද දිනාගන්නා ලදි.

SLIoT Challenge 2023 යනු IoT ක්ෂේත්‍රයේ නවෝත්පාදන හැකියාව, නිර්මාණශීලීත්වය සහ විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ලද සුවිශේෂී තරගාවලියකි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඔස්සේ IoT ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට සහ ඔවුන්ගේ නවෝත්පාදන දිරිගැන්වීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.  

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here